32 C
Colombo
Monday, May 6, 2024

කොළඹ මාර්ග අවුල් ජාලයක් වෙලා

- Advertisement -

කොළඹ මාර්ග රැසක මේ වන විට දැඩි මාර්ග තදබදයක් ඇතැයි අප වාර්තාකරුවන් පවසනවා.

ඉරාන ජනාධිපතිවරයාගේ සංචාරය හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක් විටින් විට වසා දැමෙන බව පොලීසිය නිවේදනය කර තිබුණා.

ඒ අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, මාර්ග වසා දමන අවස්ථාවල යම් වාහන තදබදයක් ඇතිවීමේ හැකියාව පවතින බවයි.

ඒ අනුව යම් වාහන තදබදයක් නොව දැඩි වාහන තදබදයක් ඇතිවී තිබෙනවා.

මේ හේතුවෙන් කාර්යාල සේවකයින් ඇතුළු බොහෝදෙනා දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

පොලීසිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ අද රාත්‍රී 8.30 න් පසුව කොටුව සිට කොල්ලුපිටිය දක්වා වූ ගාලු පාරද, ධර්මපාල මාවත, ග්‍රීන්පාත්, හෝටන් පෙදෙස හරහා බේස්ලයින් මාර්ගයද, බොරැල්ල, දෙමටගොඩ, ඔරුගොඩවත්ත දෙස සිට අධිවේගී මාර්ගය දක්වාත් අධිවේගී මාර්ගය පෑලියගොඩ සිට කටුනායක දක්වාත්, ඉරාන ජනාධිපතිවරයා ගමන් ගන්නා අවස්ථාවේදී වසා තැබෙන බවයි .

මේ අතර කොළඹට මේ වන විට දැඩි වර්ෂාවක් පතිත වන බැවින් මාර්ග තදබදය තවදුරටත් වැඩිවී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ඉමිටේෂන් මුදු බැංකුවේ තියලා එකොළොස් ලක්ෂයක් අරන්

රජයේ බැංකුවකට අයත් තණමල්විල ප්‍රදේශයේ උකස් ආයතනකට අවස්ථා තුනක දී රන් අලේපිත ව්‍යාජ මුදු හතක් උකස් කර රුපියල් 1160,500ක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන...

සුරාබදු ආදායම ඉහළට

නිෂ්පාදන ප්‍රමාණය අඩු වුවද 2023 වසරේ සමාන කාල පරිච්ඡේදයට සාපේක්ෂව සුරාබදු දෙපාර්තමේන්තුව වාර්ෂිකව 26%ක ආදායම් වැඩි වීමක් වාර්තා කර තිබෙනවා. සුරාබදු භාණ්ඩ සඳහා ඇති ඉල්ලුම...

ජපන් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වැට උඩ

ශ්‍රී ලංකාව විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කළ ද ජපානයේ මූල්‍ය ආධාරවලින් ඉදිකිරීමට යෝජිත සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීම අවිනිශ්චිත තත්වයකට පත්ව තිබෙන බව ලංකාදීප...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...