27 C
Colombo
Monday, May 6, 2024

විවාදයට දින ගන්න සාකච්ඡාවකට එන්න – සජබ

- Advertisement -

සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව හා ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව අතර විවාදයක් පැවැත්වීම සඳහා එකඟ වන්නේද යන්න සම්බන්ධයෙන් විමසමින් සමඟි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ජාතික ජන බලවේගය වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නලින්ද ජයතිස්ස මහතා වෙත යොමු කර ඇති මෙම ලිපියේ සඳහන් වෙන්නේ ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් සාකච්ඡා කරන විවාදයකට සමඟි ජන බලවේගය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවට ජාතික ජන බලවේගය මෙතෙක් සාධනීය පිළිතුරක් ලබා දී නොමැති බවයි.  

නලින් බණ්ඩාර මහතා තවදුරටත් පවසා ඇත්තේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ විවාදයට කිසිදු සාධනීය පිළිතුරක් ලබා නොදෙමින් පක්ෂ නායකයින් අතර විවාදයකට එළඹීම සඳහා ජාතික ජන බලවේගය විසින් යෝජනා කළ බවයි.

එම විවාදයට සූදානම් බව සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා අවස්ථා ගණනාවකදී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති බවද මෙම ලිපියේ සඳහන්.

කෙසේවෙතත්, මෙම විවාදයන් දෙක පැවැත්වීම පිළිබද දිනයන් සහ අනෙකුත් විධිවිධාන සැලසීම පිළිබදව වූ සාකච්ඡාවකට 2024-04-25 හෝ 26 යන දින දෙකකින් එකකදී පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙසද මෙම ලිපිය මඟින් ඉල්ලා තිබෙනවා.

අදාළ ලිපිය පහතින්,

RECENT ARTICLES - SINHALA

සාමාන්‍ය පෙළ විභාගය අද

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (06) ආරම්භ වෙනවා. ඒ සඳහා පෙනී සිටින සමස්ත අයදුම්කරුවන් සංඛ්‍යාව හාර ලක්ෂ 52,979ක්. විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන්...

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...