31 C
Colombo
Wednesday, November 6, 2024

ශ්‍රී මහ බෝධියට 5G තාක්ෂණයෙන් හානි වෙනවාද? – රනිල්ගෙන් කොමිටියක්

- Advertisement -

අනුරාධපුරයේ 5G තාක්ෂණය සහිත දුරකථන කුළුණු වලින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට හානියක් වන්නේද යන්න සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා.

විදුලි සංදේශ කුළුණු මගින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට හානි වන බවට පළවන වාර්තා විමර්ශනය කිරීම සඳහා අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් කළ විශේෂ ඉල්ලීමකට අනුව මෙම කමිටුව පත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

විදුලි සංදේශන නියාමන කොමිසමේ (TRC) සභාපති මහාචාර්ය නිරංජන් ගුණවර්ධන, ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය එස්ඒ ක්‍රිෂ්ණරාජා, TRC අතිරේක අධ්‍යක්ෂ ජනරාල් එච් රණතුංග සහ අනුරාධපුර ජී.ඒ. ජානක ජයසුන්දර යන මහත්වරුන්ගෙන් මෙම කමිටුව සමන්විත වේ.

RECENT ARTICLES - SINHALA

අග්‍රාමාත්‍ය කාර්යාල⁣යේ තිබූ වෛද්‍ය ඒකකය විසිරුවා හැරලා (වීඩියෝ)

අග්‍රාමාත්‍ය කාර්යාල⁣යේ ස්ථාපිත කර තිබූ වෛද්‍ය ඒකකය විසිරුවා හැර තිබෙනවා. එහි සේවය කළ වෛද්‍ය නිලධාරීන්, සේවක පිරිස, සෞඛ්‍ය උපකරණ, ⁣ඖෂධ සහ ගිලන් රථ දෙක සෞඛ්‍ය...

සමේ පිළිකා වැඩිවීමට හේතුව

පසුගිය අවුරුදු කිහිපය ඇතුළත මෙරට සමේ පිළිකා ඇති රෝගීන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් දක්නට ලැබෙන බව චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි සමරවීර මහත්මිය පවසනවා. අද (06)...

ප්‍රදේශ රැසකට නායයෑමේ අනතුරු ඇඟවීමක්

අද (06) පස්වරු 4:00 සිට හෙට (07) පස්වරු 4:00 දක්වා බලපැවැත්වෙන පරිදි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්‍රදේශ කිහිපයකට පූර්ව නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනයක්...

POPULAR ARTICLES

රත්තරන් මිලේ දැවැන්ත වෙනසක්

මැදපෙරදිග යුද තත්ත්වය උත්සන්න වීම මධ්‍යයේ ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළ යාම නිසා මෙරට රන් මිල ද වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ...

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල නොවැම්බර් මාසය සඳහා නොවෙනස්ව පවතින බව එහි සභාපති වන්න ගුණවර්ධන පවසනවා. 2024 නොවැම්බර් මාසයට අදාලව දැනට පවතින මිළ ගණන් එලෙසම...

ඉන්ධන මිල සංශෝධනය ගැන තෙල් සංස්ථාවෙන් හෙළිදරව්වක්

ඉන්ධන සැපයුම් ක්‍රියාවලිය හා සම්බන්ධ වෙනත් සමාගම් සමග එළැඹ ඇති ගිවිසුම් හේතුවෙන් මිල සංශෝධනයේදී ස්වාධීනව තීන්දු ගැනීමට නොහැකි වී තිබෙන බව ලංකා ඛණිජ තෙල්...