24 C
Colombo
Wednesday, January 22, 2025

රට රැකියා පෙන්වා කෝටි 11ක් වංචා කළ පිරිසක් ගැන පැමිණිල්ලක්

- Advertisement -

ඊශ්‍රායල් රැකියා සඳහා යවන බව පවසමින් පුද්ගලයන් 40ගෙන් පමණ රුපියල් කෝටි 11 ක පමණ මුදලක් ලබාගෙන වංචා කළ බව කියන සිද්ධියකට කටුනේරියේ නිවසකට කඩා වැදුණු 25 දෙනකුගෙන් පමණ යුත් පිරිසක් මුදල් ඉල්ලා කලබල කළ බව මාරවිල පොලිසිය පවසනවා.

දැනට වසරකට පමණ පෙර සිට ඉඩම් උගස්කර හා විවිධාකාරයෙන් ණයට ගෙන රුපියල් ලක්ෂ 25,35, 45,55 ආදි වශයෙන් මෙම මුදල් ලබා දුන් පවසන ඔවුන්, කොළඹ දූෂණ වංචා විමර්ශන මූලස්ථානයටද පැමිණිලි කර ඇති බවයි සඳහන් වන්නේ.

නිවසේ සිටි මුදල් ගත් බව කියන තරුණයා පැවසුවේ තමා මීට පෙර කීපදෙනකු රට රැකියාව යැවීමට කටයුතු කළ බවත්, මෙවර මුදල් එකතු කර ඇත්තේ වෙනත් කාන්තාවක් බවත්, යැවීමට නොහැකි වූ පිරිසකගේ මුදල් කොටසක් තමා මීට පෙර අවස්ථාවක ගෙවූ බවයි.

මුදල් ලබාගත් බව කියන ආනමඩුව, ආඩිගම ප්‍රදේශයේ සිට මෙහි පැමිණි කාන්තාව පවසා ඇත්තේ මුදල් නිවෙස් හිමියාට දුන් බවයි.

RECENT ARTICLES - SINHALA

ජනපති අනුර සහභාගිවන සිරස ‘සටන’ සජීවීව නරඹන්න

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගි වන 'පරණ පුරුදු සටන' වැඩසටහන අද (21) පස්වරු 10.30 සිට සිරස TV නාළිකාව ඔස්සේ සජීවීව විකාශය වනවා. එම වැඩසටහන...

රියදුරන්ට පොලීසියෙන් දැනුම්දීමක්

මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගය මහනුවර පොලිස් වසමේ තැන්නේකුඹුර හන්දියෙන් හා හසලක පොලිස් වසමේ පාලම් හන්දියෙන් රාත්‍රී කාලයේදී වසා දැමීම නිසා රියදුරන්ට භාවිත කළ හැකි...

අලුත් පත්කිරීම් 3කට කැබිනට් අනුමැතිය

රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු 3ක් සඳහා නව පත්කිරීම් සිදුකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැති හිමිව තිබෙනවා. ඒ අනුව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය සඳහා ශ්‍රී...

POPULAR ARTICLES

තුර්කියේ හෝටලයක ඇති වූ ගින්නකින් මියගිය සංඛ්‍යාව ඉහළට

තුර්කියේ හෝටලයක ඇති වූ ගින්නක් හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 66 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම මාධ්‍ය වාර්තා කර ඇත්තේ තවත්...