29 C
Colombo
Saturday, July 27, 2024

සජබෙන් CID එකට පැමිණිල්ලක් (වීඩියෝ)

- Advertisement -

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අත්සන සහ ලිපි ශීර්ෂ ව්‍යාජ ලෙස යොදා ගනිමින් සකස් කළ ලිපි දෙකක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඊයේ (10) පැමිණිල්ලක් ගොනු කළා.

සමගි ජන බලවේගයේ නීතිඥ සංගමය විසින් මෙම පැමිණිල්ල ගොනු කර තිබෙනවා.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සමග තිබූ රූපවාහිනි විවාදය විපක්ෂ නායකවරයා ප්‍රතික්ෂේප කරන බවට සඳහන් ව්‍යාජ ලිපියක් සකස් කිරීම සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

අනුර කුමාර දිසානායක මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර පෙර සූදානම් කරන ලද විවාදයක් බවට ඇඟවෙන ආකාරයේ ව්‍යාජ ලිපියක් සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ගොනු කර ඇති අතර එහිදී විපක්ෂ නායකයාගේ අත්සන සහ ලිපි ශීර්ෂය ව්‍යාජව සකස් කර අදාළ විවාදයට විපක්ෂ නායකවරයා සහභාගි වීමට නියමිතව සිටින බවට හැඟවෙන ආකාරයෙන් එහි අන්තර්ගතය සකසා ඇති බව පැමිණිල්ලේ සඳහන් වී ඇති බවට වාර්තා වනවා.

මීට පෙර අවස්ථාවකදී ද විපක්ෂ නායකවරයා ජාතික ජන බලවේගය සමග එම විවාදය ප්‍රතික්ෂේප කරන බව හැඟවෙන ආකාරයෙන් සකස් කරන ලද තවත් ලිපියක් සම්බන්ධයෙන්ද එම පැමිණිල්ලෙන් කරුණු දක්වා තිබෙන බව සඳහන්.

එම ව්‍යාජ ලිපි දෙක සම්බන්ධයෙන් වහා විමර්ශනයක් කරන ලෙස සමගි ජන බලවේගයේ නීතිඥ සංගමය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

විපක්ෂ නායකතුමාගේ අත්සන සහ ලිපි ශීර්ෂය සහිත ව්‍යාජ ලිපියක් මේ දිනවල අන්තර්ජාලයේ සංසරණය වන බවත් එය පසුගිය 6 වන දා ස්වාධීන රූපවාහිනියේ තිබූ විවාදයට සහභාගි වීම සඳහා විපක්ෂ නායකවරයා පිළිගත් බවට සඳහන්ව ඇති අතර එවැනි ලිපියක් ලබාදී නැති බවත් සමගි ජන බලවේගයේ නියෝජ්‍ය නීති ලේකම් බුද්ධින් සිරිවර්ධන මහතා මාධ්‍ය හමුවේදී සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටි බවයි.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...