24 C
Colombo
Sunday, October 1, 2023

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ පැමිණිලි දිස්ත්‍රික් මට්ටමින් විමර්ශනයට

- Advertisement -

මහජනතාව විසින් යොමුකරන පැමිණිලි දිස්ත්‍රික් මට්ටමින් විමර්ශනය කිරීමේ කටයුතු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ආරම්භ කර තිබෙනවා.

වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ යෝජනාවකට අනුව ලැබී ඇති පැමිණිලි විමර්ශනය කිරීමේ බලය විමධ්‍යගත කරමින් මෙම නව පියවර ක්‍රියාත්මක කළ බව එම අධිකාරිය සඳහන් කළා.

ඒ අනුව දිස්ත්‍රික්ක 25 තුළ විමර්ශන පැවැත්විය හැකි ක්‍රියාපටිපාටියක් සකස් කර එම ක්‍රියාවලිය එළිදක්වා තිබෙන බව සඳහන්.

පාරිභෝගිකයන් යොමුකරන පැමිණිලි විමර්ශනය ප්‍රධාන කාර්යාලයට පැමිණිය යුතු වීම හේතුවෙන් විමර්ශන සිදුකිරීමට විවිධ බාධා එල්ලවීම් සඳහා ප්‍රමාදවීම් සිදුව තිබුණා.

මේ හේතුවෙන් පැමිණිලි රාශීයක් විමර්ශනයකින් තොරව අධිකාරිය තුළ එක්රැස් වීමේ තත්ත්වයක් නිර්මාණය වී තිබු බව සඳහන්.

කෙසේවෙතත් නව ක්‍රමවේදය හරහා දිස්ත්‍රික් මට්ටමින් අදාළ පැමිණිලි කඩිනමින් විමර්ශනය කිරීමට හැකිවනු ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

දිස්ත්‍රික්ක 8කට නායයෑමේ අනතුරු ඇඟවීම්

දිවයිනේ දිස්ත්‍රික්ක 8ක ප්‍රදේශ කිහිපයකට මේ වන විට පනවා ඇති නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කර තිබෙනවා. මේ අනුව ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර, කෑගල්ල, කළුතර, මාතලේ...

අලි සබ්රි නිසා ලාංකිකයින්ට කැනඩාවේ වීසා අහිමි වන ලකුණු ?

විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් කැනඩාවට එරෙහිව සිදු කරන ලද ප්‍රකාශය හේතුවෙන් මෙරට දරුවන්ට කැනඩාවේ අධ්‍යාපනය ලැබීමටය සහ රැකියා කිරිමට ඇති අවස්තාව අහිමි...

ගංගා ආශ්‍රිත පහළ ප්‍රදේශවල ජනතාවට දැනුම් දීමක්

දිවයිනට ඇදහැලෙන අධික වැසි තත්ත්වය හේතුවෙන් තවදුරටත් ගංගාවල පහළ ප්‍රදේශවලදී සුළු වශයෙන් ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ හැකියාවක් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා...

POPULAR ARTICLES

ඉන්දියාව තුළ ආන්දෝලනයක් වූ විවාහය

උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ සමලිංගික යුවලකගේ විවාහ මංගලය්‍යක් හේතුවෙන් ඉන්දියාව තුළ විශාල ආන්දෝලනයක් හට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ, සමලිංගික විවාහ නීතිගත කිරීම පිළිබඳ ඉන්දීය ශේෂ්ඨාධිකරණය...

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝගයක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අද(27) නියෝග කර තිබෙනවා ඒ අදාළ බඳවා ගැනිම්වලට...

චීනය නිසා එකතු වූ මහින්ද,මෛත්‍රී,ගෝඨා

මහජන චීන සමූහාණ්ඩුවේ 74 වන ජාතික දින උත්සවය ඊයේ (28) කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු...