29 C
Colombo
Saturday, July 27, 2024

කොවිඩ් සිරුරු ආදාහනය කිරීම නවත්වන්න – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය

- Advertisement -

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පත්කල විශේෂ සිව් පුද්ගල කමිටුවක් විසින් කොවිඩ් මරණ භූමදානය නොකර ආදාහනය පමණක් කිරීම සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කර ඇත.
ඒ සම්බන්දයෙන් නිවේදනයක් නිකුත්කරමින් එම සිවු පුද්ගල කමිටුව සදහන් කර ඇත්තේ කොවිඩ් 19 වැළැදීම හේතුවෙන් මියගිය අයගේ මෘත දේහ භූමදානය හරහා වෛරසය පැතිර යන බවට සෞඛ්‍ය හෝ විද්‍යාත්මක මතයක් ඔප්පු වී නොමැති බවයි.
ඒ අනුව ශ්‍රීලංකාව තුළ වර්තමානයේ සිදුකෙරෙමින් පවතින ආදාහනය අනිවාර්ය කිරීමෙන් ජාතීන් අතර සුහදත්වයට බාධාවක් ඇතිවන බවත් එයින් මානව හිමිකම් කඩ කිරීමක් ද සිදුවන බවයි.
ඇතැම් අවස්ථාවලදී අදාල වාර්තාවල නිරවද්‍යතාව තහවුරු කිරීමට පවා කාලයක් ඉතිරි නොකොට අදාල ආදාහන කටයුතු සිදුකිරීම් ගැනද මෙම කමිටුව අවධානය යොමුකර තිබෙනවා.
එම වාර්තාවෙන් වැඩිදුරටත් සදහන් කර ඇත්තේ කොවිඩ් ආසාදිතව මිය යන අයගේ දේහයන් කළමණාකරණයට පත්කළ සෞඛ්‍ය අමාත්‍ය කමිටුවේ යෝජනා කඩිනමින් එළිදක්වමින් ආදාහනය අනිවාර්ය කිරීමට ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය වෙනස් කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි.
එම සම්පූර්ණ වාර්තාව පහත සබැදියෙන් බලන්න,

https://www.ohchr.org/EN/NewsEvents/Pages/DisplayNews.aspx?NewsID=26686&LangID=E

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...