පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අයිතිකාරයා දේශපාලකයා නොවිය යුතු බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
මහරගම ජාතික තරුණු සේවා සභා ශ්‍රවණාගාරයේ අද (09) පෙරවරුවේ පැවති විශ්‍රාමික පොලිස් නිලධාරීන්ගේ ජාතික සමුළුව අමතමින් ඔහු මේ බව කියා සිටියා.
අමාත්‍යවරයා පවසන්නේ, තම රජයක් යටතේ පොලිස් දෙපාර්තමේන්තුව පමණක් නොව මුළු මහත් රාජ්‍ය යාන්ත්‍රණයම දේශපාලන අතකොළුවක් ලෙස භාවිතා නොකරන බවයි.
එමෙන්ම පොලිසියේ ස්වාධීනත්වය මෙන්ම පොලිස් නිලධාරින්ගේ ගරුත්වය ආරක්ෂා කිරීමට කටයුතු කරන බව අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළා.
.