28 C
Colombo
Tuesday, May 28, 2024
spot_img

වංචාවෙන් ඉපැයු දේපල රාජ සන්තක කරනවා-විජයදාස

- Advertisement -

වංචා සහගතව උපයන ලද දේපල ඉදිරියේදී රාජ සන්තක කිරීමට පියවර ගන්නා බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.

නීතියේ ආධිපත්‍ය ගොඩනැගෙන්න නම් පාලිතයින් මෙන්ම පාලකයින්ද නීතියට අනුව කටයුතු කළ යුතු යැයි අමාත්‍යවරයා සඳහන් කළා.

ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කරමින් දූෂණ විරෝධී පනත සම්මත කරමින් කළ කාර්යභාරයේ සුභවාදී ප්‍රතිඵල ඉදිරියේදී දකින්නට පුළුවන් බව බව කී අධිකරණ අමාත්‍යවරයා රට අරාජිකව ආර්ථිකය බිඳ වැටී අස්ථාවර රටක් නිර්මාණය වුණේ නීතියේ ආධිපත්‍ය බිඳවැටීම නිසා බව පවසා සිටියා.

මහනුවර නව නීතිඥ කාර්යාල සංකීර්ණය සඳහා මුල්කර තැබීමේ අවස්ථාවට සහභාගී වෙමින් අධිකරණ අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

ළිඳක තිබී මළ සිරුරක් හමුවෙලා

වෙල්ලාවලි, මණ්ඩූර් ප්‍රදේශයේ වෙල්ලාවලි කළුපාලම ආසන්නයේ ළිඳක තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. ඊයේ (27) උදෑසන කාලයේ වෙල්ලාවලි පොලීසියට ලද තොරුතුරකට අනුව එම සිරුර සොයාගෙන...

උසස් පෙළ දරුවන්ට සුබ පණිවිඩයක්

අ.පො.ස. (උසස් පෙළ) සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයයක් ලෙස හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ ජනාධිපති අරමුදල...

අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි

සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ බස්නාහිර, සබරගමුව,මධ්‍යම,...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (27) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.37ක් ලෙස...

සමාජ මාධ්‍ය තහනමක් ගැන හරීන්ගෙන් අනතුරු ඇඟවීමක්

ඇතැම් විද්‍යුත් මාධ්‍ය ද යොදාගනිමින් ක්‍රිකට් ක්‍රීඩාවට විනාශකාරී ලෙස පහර ගසන සමාජ මාධ්‍ය කල්ලිවලට එරෙහිව නෛතික පියවර ගැනීම අරඹා ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන්...

දිලිත් – විමල් – ගම්මන්පිල එකගෙයි කන්න සූදානම්

දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්වී 'සර්ව ජන බලය' නමින් නව දේශපාලන ව්‍යාපාරයක් පිහිටුවා තිබෙනවා. 'එක්ව නංවන රටක් - සතුටු පිරුණු දැයක්' යන...