31 C
Colombo
Monday, June 17, 2024
spot_img

සැකකරුගේ පා පහරින් කොස්තාපල් රෝහලේ

- Advertisement -

අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ගල්ගමුව, නාන්නේරිය පොලිසියට රැගෙන යන අවස්ථාවේදී සැකකරු විසින් එල්ල කළ පා පහරකින් කොස්තාපල්වරයකුගේ ඇසකට තුවාල සිදුවී අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති බව නාන්නේරිය පොලිසිය පවසනවා.

මෙසේ තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ නාන්නේරිය පොලිසියට අනුයුක්තව සේවය කරන කොස්තාපල්වරයක්.

නාන්නේරිය පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් දෙදෙනකු මහානාන්නේරිය, ගලයාය ප්‍රදේශයේ වැටලීම් රාජකාරියේ යෙදී සිටියදී යතුරුපැදියකින් ගමන්කරමින් සිටි පුද්ගලයකු පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2 ක් සහ මිලිග්‍රෑම් 40 ක් සමග අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහා නාන්නේරිය, ගලයාය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 32 හිටපු යුද හමුදා නිලධාරියකු බව පොලිසිය පවසනවා.

RECENT ARTICLES - SINHALA

මෙරට දරු උපත්වල සැලකියයුතු පහළ යෑමක්

ගෙවුණු වසර 5 තුළ මෙරට දරු උපත් සංඛ්‍යාව ලක්ෂයකට වැඩි අගයකින් පහළ ගොස් ඇති බව නාරි සහ ප්‍රසව විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. ඔවුන් වැඩිදුරටත් පෙන්වා...

බදු එකතු කරන විදිය මම කරලා පෙන්වන්නම්-පාඨලි

බදු ගෙවිය හැකිවුවද නොගෙවන පුද්ගලයන්ගෙන් බදු අයකරගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් ආණ්ඩුවට එය කිරීමට නොහැකිනම් මාස හයකට වගකීම භාරදුන හොත් කර පෙන්වන බවත්...

සභාපති ධූරයෙන් අස් වුණේ වලව්වේ පුංචි නෝනා නඩු දාපු නිසා – මෛත්‍රි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස් වූයේ වලව්වේ පුංචි නෝනා නඩු දමා වාරණ නියෝග ලබාගත් හේතුවෙන් බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා...

POPULAR ARTICLES

එළවලු මිලෙහි වෙනසක්

පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ අද (15) ඇතැම් එළවලු තොග මිල ගණන් සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා. මාළු මිරිස් කිලෝවක් මිල රුපියල් 450ක් වන අතර, කැරට් කිලෝවක්...

සංවර්ධන නිලධාරීන්ට දැනුම්දීමක්

සංවර්ධන නිලධාරී සේවයේ I, II සහ 111 ශ්‍රේණි වල කඩඉම් විභාග පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දක්වා...

ණය ගැන කොහොමද සතුටු වෙන්නේ ?- රෝහිත අබේගුණවර්ධන

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන්නේද ණය නිසා ණය ලැබීම ගැන සතුටු විය නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවා. මේ...