28 C
Colombo
Saturday, July 27, 2024

ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම ඇරඹේ

- Advertisement -

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉදිකරන ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ උත්සවය ගෝවාහිදී අද (08) පැවැත්වුණා.

නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ, ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් යූ.වී.එම්.පී. පෙරේරා සහ පාවෙන තටාකය සඳහා වන ඒකාබද්ධ අධීක්ෂණ කමිටුවේ දෙරටෙහි නියෝජිතයන් අන්තර්ජාලය ඔස්සේ සහභාගී වූ බවයි.

මෙම ව්‍යාපෘතිය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගු කාලීන සහයෝගීතාවයේ, සහෝදරත්වයේ සහ මිත්‍රත්වයේ බැඳීම් සංකේතවත් කරන බවත්, ඉන්දියාව කලාපයේ සැමට ආරක්ෂාව සහ වර්ධනය යන දැක්ම සහ ‘අසල්වැසියා ප්‍රථමයෙන්’ යන ප්‍රතිපත්තිය සාක්ෂාත් කරගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවන්ගේ ධාරිතා ගොඩනැගීම සහ තිරසාර සංවර්ධනය වෙනුවෙන් කැප වී කටයුතු කළ අවස්ථාවක් බවත් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා එහිදී සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහා පාවෙන තටාකයක් ලබාදීමේ ව්‍යාපෘතිය ඉන්දීය සහ ශ්‍රී ලංකා නාවික හමුදාවන් අතර, ශක්තිමත් බැඳීම තවදුරටත් ඉහළ නංවා ඇති බව මහ කොමසාරිස්වරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

මෙම පාවෙන තටාකය ශ්‍රී ලංකා නාවික හමුදාවේ සියලු නඩත්තු අවශ්‍යතාවයන් සපුරාලනු ඇති අතර, එමගින් කලාපයේ සමුද්‍රීය ආරක්ෂාව ඉහළ නංවනු ඇති බව ද ඔහු එහිදී සඳහන් කළා.

දිග මීටර් 115 ක් දක්වා වන නෞකා පාවෙන තටාකයේ නැංගුරම් දැමිය හැකි අතර තටාකයේ එසවුම් ධාරිතාවය ටොන් 4000 ක්.

RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...