27.5 C
Colombo
Wednesday, June 26, 2024
spot_img

ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට මංගල සමරවීර බලපෑම් කරලා

- Advertisement -

2017 වර්ෂයේදී එවකට විදේශ අමාත්‍යාංශය යටතට පවරාගෙන තිබූ ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට විදේශ අමාත්‍යවරයාගේ බලපෑම් එල්ල වී ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.

ඒ අනුව 2017 වර්ෂයේදී ක්ෂණික ලොතරැයි මුද්‍රණය සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්පූර්ණ කොට තිබූ ටෙන්ඩරයක් එවකට විදේශ අමාත්‍යවරයාගේ අවශ්‍යතාවය මත කැබිනට් තීරණයක් මගින් නවත්වා තිබේ. එවකට මුදල් අමාත්‍යවරයා වූ මංගල සමරවීර මහතා විසින් මෙම ටෙන්ඩරය නැවැත්වීම නිවැරදි තීරණයක් නොවන බවට නිරීක්ෂයක් ද ලබා දී ඇති නමුත් කැබිනට් තීරණය ලබා දී තිබුණේ ඉහත ටෙන්ඩරය ඉවත් කිරීමටයි.

ඒ අනුව Aqua Flex Lanka (Pvt)Ltd නැමැති ආයතනයට හිමිවිය යුතුව තිබූ ක්ෂණික ලොතරැයි ටිකට්පත් මුද්‍රණය කිරීමේ ටෙන්ඩරය නවත්වා ඇත. මෙම කැබිනට් තීරණය ගෙන ඇත්තේ Print Care Secure(Pvt)Ltd නැමැති ආයතනයේ බලපෑම මත බව ද කෝප් කමිටුව විසින් නිරීක්ෂණය කොට තිබේ.

මෙම කැබිනට් තීරණය නිසා ජාතික ලොතරැයි මණ්ඩලයට විශාල මූල්‍ය පාඩුවක් සිදුවී ඇති අතර 2020 දක්වා තවමත් ‍අදාල ලොතරැයිපත් මුද්‍රණය සඳහා නව ටෙන්ඩරයක් කැඳවීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබේ.

මෙම කරුණු අනාවරණය වූයේ, ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් මුද්‍රණය හා භාරදීම පිළිබඳ ප්‍රසම්පාදන කටයුතු සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කිරීම සඳහා පසුගිය 04 වන දින පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස්වූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදීය.

එයට අමතරව ජාතික ලොතරැයි මණ්ඩලයේ 2017,2018,2019 වර්ෂ වල වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බව ද කෝප් කමිටුව විසින් නිරීක්ෂණය කරන ලදී. ඒ අනුව කෝප් කමිටුව දන්වා සිටියේ ඒ පිළිබඳ කරුණු සොයා බලා අදාල වාර්තා කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසයි.

තව කියවන්න

RECENT ARTICLES - SINHALA

විනිසුරුවරුන් පත් කිරීමේ සිද්ධියට අදාළව අතරමැදි පෙත්සම් දෙකක්

අගවිනිසුරුවරයා හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙසු විනිසුරුවරුන් පත් කිරීම වළක්වාලමින් ජනාධිපතිවරයා වෙත නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය වෙනස් කිරීම හෝ ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන...

පාස්පෝර්ට් ගැන දැනුම්දීමක්

ජුලි 01 වැනිදා සිට කල් ඉකුත් වන විදෙස් ගමන් බලපත්‍ර වල කාලය වසරකින් දීර්ඝ කර තිබෙනවා. ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේ,...

ගුරුවරු හෙට ලෙඩ නිවාඩු

වැටුප් විෂමතාවයට විසඳුම් ඉල්ලා ගුරු - විදුහල්පති සංගම් හෙට (26) අසනීප නිවාඩු වාර්තා කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා පවසනවා. ඔහු...

POPULAR ARTICLES

හෙට පාසල් පැවැත්වීම ගැන විශේෂ නිවේදනයක්

පාසල් කටයුතු හෙට (24) දිනයේ සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. සිය සේවාව සඳහා සේවා ව්‍යවස්ථාවක් සැකසීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්...

අඩු වයසින් උසස් පෙළ ලියන අයට දැනුම්දීමක්

2006 වසරේ ජනවාරි 31න් පසුව උපන් අයට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා මාර්ගත ක්‍රමය ඔස්සේ අයදුම් කළ නොහැකි බව විභාග දෙපාර්තමේන්තුව...

නිරුවතින් පිහිනන්න ඕස්ට්‍රේලියානුවන් 3000ක් ඇවිත්

ශීත සෘතුව සනිටුහන් කිරීමට ඕස්ට්‍රේලියාවේ හෝබාර්ට් හි ඩර්වෙන්ට් නදියේ නිරුවත් පිහිනුම් ක්‍රීඩා ඉසව්වක් සංවිධානය කර තිබෙනවා. Dark Mofo නමින් හඳුන්වන මෙම ක්‍රීඩා උත්සවයට ක්‍රීඩකයින් 3,000ක්...