32 C
Colombo
Sunday, March 16, 2025

කට වැහුවෙ කාගෙද කියල කෝප් සභාපති කියයි

- Advertisement -

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (15) කොප් කමිටුවට කැඳවූ අවස්ථාවේදී කමිටු සාමාජිකයන් ප්‍රශ්න කරන අතරතුර තමා ‘හස්ත සංඥාව’ ලබාදුන් හේතුව පිළිබඳ කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර විසින් අද පාර්ලිමේන්තුවේදී පැහැදිලි කිරීමක් කර තිබුණා.

මන්ත්‍රීවරු කිහිපදෙනකු විසින් සභාපතිවරයාගේ හස්ත සංඥා ක්‍රියාකලාපය පිළිබඳ පරීක්ෂණයක් සිදුකරන ලෙස කථානායකවරයාගෙන් අද පාර්ලිමේන්තුවේදී ඉල්ලා තිබෙනවා.

කමිටුවේ සියලුම සාමාජිකයන් මෙන්ම මන්ත්‍රීවරු විශාල පිරිසක්ද ඊයේ කෝප් හමුවට පැමිණ සිටි අතර, එම අවස්ථාවේ පාලනයක් සිදුවිය යුතු බව, තමාට හැඟී ගිය බව ඔහු කියා සිටියා.

ෆේස්බුක් වැනි සමාජ ජාලාවල දකින දේ කෝප් කමිටුවේදී විමසිය නොහැකි බවට ක්‍රීඩා අමාත්‍යවරයාට සිහිපත් කළ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, විගණකාධිපතිවරයාගේ වාර්තාවෙන් පමණක් ප්‍රශ්න අසන ලෙසටත්, එක් අයකු පමණක් වරකට කතාකරන ලෙස තම සාමාජිකයන්ට හස්ත සංඥාව මගින් තමා පැවසූ බවයි.

සභාපතිවරයා පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් අවධාරණය කළේ, කෝප් කමිටුව දේශපාලනීකරණය නොකරන ලෙසයි.

RECENT ARTICLES - SINHALA

වැලිගම වෙඩිතැබීමට සෙසු සැකකරුවන්ව අත්අඩංගුවට නොගන්නැයි නියෝගයක් 

අභියාචනාධිකරණයේදී ඇතිකර ගත් එකඟතාව මත මූලික විමර්ශන අවසන් වන තෙක් කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇතුළු සැකකරුවන් 06දෙනා අත්අඩංගුවට නොගන්නා ලෙසට නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ...

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය හෙට වර්ජනයක

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත්තේ හෙට (17) උදෑසන 10 සිට දහවල් 01 දක්වා පැය 3ක වර්ජනයක නිරත වීමට නියමිතයි. ඒ, උසස්වීම් ලබා නොදීම...

සාමාන්‍ය පෙළ අපේක්ෂකයින්ට දැනුම්දීමක්

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපෙක්ෂකයින් 474,147 අයදුම් කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. හෙට දිනයේදී පැවැත්වෙන අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය...

POPULAR ARTICLES