24 C
Colombo
Sunday, October 1, 2023

නෞකාවක් නිසා යාපනයේ සංචාරක ක්ෂේත්‍රයේ පිබිදීමක්

- Advertisement -

“කෝර්ඩේලියා කෲස් ” සංචාරක නෞකාව මඟින් ගත වූ මාස තුනක කාලය ඇතුළතදී අවස්ථා නවයකදී සංචාරකයින් 6478 දෙනෙකු යාපනයට පැමිණ තිබෙන බව වාර්තා වෙනවා.

2023 වසරේ ජූනි මස 16 වන දින ඉන්දියාවේ සිට යාපනයට මෙම සංචාරක නැව් සේවාව ආරම්භ කර තිබෙනවා.

උතුරු පළාත් සංචාරක මණ්ඩලයේ නිලධාරීන් පවසන්නේ මෙම සංචාරක නෞකාව මඟින් ඉන්දියාව හරහා යාපනයට අපේක්ෂිත ප්‍රමාණයටත් වැඩි සංචාරකයින් පිරිසක් පැමිණ ඇති බැවින් මෙම සංඛ්‍යාව තවදුරටත් වර්ධනය කිරීමට හා සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට පියවර රැසක් ගෙන ඇති බවයි .

මේ දිනවල යාපනයේ සංචාරය කරන විදේශීය සංචාරකයින් පිළිගැනීම සඳහා ඔවුන්ට යාපනයේ සාම්ප්‍රදායික ආහාරවලින් සංග්‍රහ කිරීමේ වැඩ සටහනක් මෙන්ම දකුණු ඉන්දීය නර්තන ප්‍රසංගයක්ද යාපනය තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පවත්වා තිබුණා.

මේ අවස්ථාවට නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් රාකේෂ් නට්රාජ් ජෙයබාස්කරන් හා උතුරු පළාත් සංචාරක මණ්ඩලයේ නිලධාරීන් රැසක්ද සහභාගී වී ඇති බව වාර්තා වෙනවා.

RECENT ARTICLES - SINHALA

ඉන්ධන මිල යළි ඉහළට ?

ඔක්තෝම්බර් මාසයේදී යළිත් වරක් ඉන්ධන මිල ඉහළ යනු ඇති බව ඩේලි FT වෙබ් අඩවිය වාර්තා කරනවා. මේ අතර පසුගිය මාස 02ක තුළ ද අඛණ්ඩව ඉන්ධන...

අපේම සල්ලි අපිටම දීලා

අමෙරිකානු ඩොලර් මිලියන 250ක ස්වෛරී බැඳුම්කර ණය මුදල ආපසු ගෙවීම පැහැර හැරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව අමෙරිකානු අධිකරණයක් හමුවේ නඩු පැවැරූ හැමිල්ටන් රිසර්ච් බැංකුවට...

ත්‍රිකුණාමලයේ රෝහලක ගින්නක්

රෝහලක ඖෂධ ගබඩාවේ ගින්නක් හට ගෙන තිබෙන බව වාර්තා වෙනවා. අදාළ ගින්න හටගෙන ඇත්තේ ත්‍රිකුණාමලය, තඹලගමුව ප්‍රදේශයෙන් බවයි අනාවරණය වන්නේ. පොලිසිය සඳහන් කළේ මේ වනවිට ගින්න...

POPULAR ARTICLES

ඉන්දියාව තුළ ආන්දෝලනයක් වූ විවාහය

උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ සමලිංගික යුවලකගේ විවාහ මංගලය්‍යක් හේතුවෙන් ඉන්දියාව තුළ විශාල ආන්දෝලනයක් හට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ, සමලිංගික විවාහ නීතිගත කිරීම පිළිබඳ ඉන්දීය ශේෂ්ඨාධිකරණය...

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝගයක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අද(27) නියෝග කර තිබෙනවා ඒ අදාළ බඳවා ගැනිම්වලට...

චීනය නිසා එකතු වූ මහින්ද,මෛත්‍රී,ගෝඨා

මහජන චීන සමූහාණ්ඩුවේ 74 වන ජාතික දින උත්සවය ඊයේ (28) කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු...