26 C
Colombo
Thursday, March 23, 2023

නිවෙස්ගත රෝගීන්ගෙන් කොරෝනා ව්‍යාප්තිය වේගවත් වෙලා – වෛද්‍යවරු ඇමැතිනියට ලියති

- Advertisement -

කොවිඩ් රෝගීන් නිවෙස් තුළම රඳවා තැබීමේ ප්‍රතිපත්තිමය තීරණය රෝග ව්‍යාප්තිය වැඩි කිරීමට චේතනාන්විතව කරන අනුබල දීමක් යැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට ලිපියක් යොමු කරමින් පවසයි.

රෝගීන් නිවාස තුළම රඳවා තැබීම රටේ සියලුම ජනතාව ආසාදිතයන් බවට පත් කිරීමේ උපක්‍රමයක් පමණක් යැයි ද එම ක්‍රමය අනුගමනය කළ එංගලන්තය, ඇමෙරිකාව වැනි රටවල් විශාල ජීවිත සහ ආර්ථික විනාශයකට මුහුණදුන්නේ යැයි ද එම සංගමය අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ආරම්භයේදීම පැහැදිලි කල පරිදි ආසාදිතයන් සමාජයෙන් කඩිනමින් වෙන්කර ප්‍රතිකාර මධ්‍යස්ථානවල තැබීමත් ඔවුන්ගේ ආශ්‍රිතයන් වෙන්කර නිරෝධායන මධ්‍යථානවල තැබීමත් වෛරසයේ ව්‍යාප්තිය පාලනය කර රට බේරාගත හැකි එකම මග යැයි ද එහි සඳහන් වේ.

ආණ්ඩුව විසින් නායකත්වය දිය යුත්තේ ඊට අවශ්‍ය පහසුකම් ගොඩනැගීම වැනි දූරදර්ශී වැඩපිළිවෙලකට විනා රටේ සමස්ත ජනතාවම රෝගය බෝවීමේ අනතුරට ඇද දැමීම නොවන බවට පවසන සමස්ත ලංකා වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වසංගතයේ ස්වභාවය සහ සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාවය පිළිබඳව ආණ්ඩුවට කිසිඳු අවබෝධයක් නොතිබූ බවට ද චෝදනා කරයි.

දැනටමත් දිවයින පුරා 2000 කට ආසන්න රෝගීන් සංඛ්‍යාවක් රෝහල් පද්ධිය තුලට ඇතුළු කරගත කරගත නොහැකිව නිවෙස් වලම රඳවා ඇතැයි ද රෝග ලක්ෂණ සහිතව පී.සී.ආර්. පරීක්ෂණවලට ලක්කරන ලද එහෙත් ප්‍රතිඵල නිකුත් කරගත නොහැකිවූ විශාල ප්‍රමාණයක් නිවෙස්වල රැදී සිටින්නේ යැයි ද සමස්ත ලංකා වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කියයි.

මෙසේ පී.සී.ආර් පරීක්ෂණ ප්‍රතිපල පමා වන පිරිස් දෛනික අවශයතා වෙනුවෙන් සමාජය තුල ගැවසෙන බැවින් ඉතාමත්ම පහසුවෙන් සමාජය තුල රෝගය ව්‍යාප්ත වනු ඇතැයි ද ඔවුහු අනතුරු අඟවති.

එම වරද දැන්වත් නිවැරදි කරනවා වෙනුවට වසංගතය තව තවත් ව්‍යාප්ත කිරීමට ප්‍රතිපත්තිමය වශයෙන් අනුබල දීම තම සංගමය තරයේ ප්‍රතික්ෂේප කරන්නේ යැයි ද සමස්ත ලංකා වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

එබැවින් කඩිනමින් ප්‍රතිකාර මධ්‍යස්ථාන ගොඩනගමින් නිවෙස් තුළ රැඳී සිටින සියලුම ආසාදිතයන් කඩිනමින් සමාජයෙන් වෙන්කර ඒවාට යොමු කිරීමටත් ඔවුන්ගේ ආශ්‍රිතයන්ද සියලුම දෙනා වෙන්කර නිරෝධායනය කිරීමටත් වෛරසයේ ව්‍යාප්තිය අවම කිරීම වෙනුවෙන් දැඩි පියවර ගන්නා ලෙසත් ඉතා වගකීමෙන් යුතුව විෂයභාර ඇමැතිවරියගෙන් ඉල්ලන්නේ යැයි ද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

RECENT ARTICLES - SINHALA

රාජ්‍ය අංශය ව්‍යාපාර කිරීමෙන් රටට විශාල ධනයක් අහිමි වුණා – ජනපති

0
ඩී.එස් සේනානායකගේ දර්ශනයෙන් ශ්‍රී ලංකාව ඉවත් වුවද එම ක්‍රියාව නංවමින් සිංගප්පුරුව දියුණු රටක් වූ බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

පුංචි ඡන්දය ගැන තවත් තීරණාත්මක සාකච්ඡාවක් අද

0
පළාත් පාලන මැතිවරණය අප්‍රේල් 25 වනදා පවත්වනවා ද නැද්ද යන්න සම්බන්ධව මැතිවරණ කොමිසම අද (23) විශේෂ තීන්දුවක් ගැනීමට නියමිතයි.

රටේ මුදල් විනාශ වූ හැටි රනිල් හෙළි කරයි

දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ දර්ශනය අපි ඈත් කළ නමුත් ලී ක්වාන් යූ අග්‍රාමාත්‍යවරයා එම දර්ශනය අනුව යමින් සිංගප්පූරුව සංවර්ධිත...

RECENT ARTICLES - ENGLISH

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...

Trump wants to be handcuffed for court appearance in Stormy Daniels case,

0
Donald Trump has told advisers that he wants to be handcuffed when he makes an appearance in court, if he is indicted...