27.5 C
Colombo
Wednesday, October 4, 2023

ධම්මික පැණිය බිවූ පවිත්‍රාටත් කොරෝනා

- Advertisement -

සෞඛ්‍ය අමාත්‍යවරිය වන පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි BBC සිංහල සේවය වාර්තා කර තිබෙනවා.
ඇයව ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව අදාල ප්‍රතිපලය ලැබී ඇති බවට විශ්වාසජනක ආරංචි මාර්ගවලින් තහවුරුවී ඇති බවයි BBC සිංහල සේවය වාර්තා කරන්නේ.
ඒ අනුව ඇයව මේ වන විට PCR පරීක්ෂණයක් සදහාද යොමුකර ඇති අතර එහි ප්‍රතිඵල ලැබෙන තුරු සෞඛ්‍ය අමාත්‍යවරියව නිරෝධායනයට යොමුකර තිබෙනවා.
කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාගේ කොරෝනා නිට්ටාවටම සුවකරනා පැණිය සෞඛ්‍ය අමාත්‍යවරියද පානය කර තිබෙන පරිසරයකදී ඇයට කොවිඩ් ආසාදනය වී තිබීමද විශේෂත්වයක්.
මීට පෙර ධම්මික පැණිය පානය කළ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාටද කොවිඩ් 19 ආසාදනය වී තිබුණා.

RECENT ARTICLES - SINHALA

බදු වැඩි වෙන්නේ ගෝඨාභය එලෙව්ව නිසා – නාමල් රාජපක්ෂ

පසුගිය වසරේ පැවති අරගලය හා හිටපු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළවා හැරීම බදු වැඩි වීමට හේතු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

Breaking: සියලු කාර්යාල දුම්රිය අවලංගුයි

දුම්රිය සේවක වර්ජනය හේතුවෙන්, අද (04) පස්වරුවේ ධාවනයට නියමිත සියලු කාර්යාල දුම්රිය අවලංගු කිරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. මාලිගාවත්ත දුම්රිය ස්ථානයේ සේවයේ නියුතු දුම්රිය...

රේගුවේ දූෂණය ගැන IMF අප්‍රසාදයෙන්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා රේගුව පිළිබඳ දැඩි අප්‍රසාදය පළ කර තිබෙන බව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසා තිබෙනවා. ඔහු තවදුරටත්...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...