31 C
Colombo
Monday, May 13, 2024

මුදල් නොගෙවා පැන යන්න සැරසුණු චීන සමාගමකට වැඩ වරදී

- Advertisement -

චයිනා රෝඩ් ඇන්ඩ් බ්‍රිජ් කෝපරේෂන් (සීආර්බීසී) අනුබද්ධිත කෙන්යාවේ සමාගම් කාර්යාලය වසා දැමීම වලක්වාලමින් එරට අධිකරණය නියෝගයක් ලබා දී තිබේ.

අවධිමත් මාර්ග වැඩි දියුණු කිරීම සඳහා උප කොන්ත්‍රාත්තුවක් ලබා දුන් කෙන්යානු සමාගමක් විසින් පවරන ලද නඩුවක් විභාගයට ගනිමින් අධිකරණය නියෝග කර ඇත්තේ නඩු විභාගය අවසන් වන තුරු සමාගමේ උපකරණ විකිණීම, බදු දීම හෝ කෙන්යාවෙන් පිටතට ගෙනයාම නොකළ යුතු බවටයි.

කෙන්යානු උප කොන්ත්‍රාත් සමාගම වාණිජ අධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුවේ කියා සිටින්නේ නයිරෝබි හි අවිධිමත් ජනාවාසවල මාර්ග වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියකට අදාල පියවිය යුතු මුදලක් චීන රජයට අයත් චයිනා රෝඩ් ඇන්ඩ් බ්‍රිජ් කෝපරේෂන් කෙන්යානු අනුබද්ධිත සමාගම නීති විරෝධී ලෙස රඳවාගෙන ඇති බවයි.

එහි ප්‍රතිඵලයක් ලෙස, අරමුදල් නොමැතිකම හේතුවෙන් මෙහෙයුම් අඩාල වීමේ අවදානමක් පවතින බව උප කොන්ත්‍රාත් සමාගම පෙන්වා දෙයි.

එමෙන්ම අරමුදල් නිදහස් නොකිරීම හේතුවෙන් බාහිර ණය ගෙවා ගත නොහැකි වීමෙන් තම දේපළ වෙන්දේසි වීමේ පීඩනයක් උද්ගතව ඇති බව පැමිණිලිකාර පාර්ශ්වය අධිකරණය හමුවේ පෙන්වා දී තිබේ.

එසේ තිබියදී සමාගම කෙන්යාවේ සිය මෙහෙයුම් අවසන් කර චීනයට නැවත යෑමේ ක්‍රියාවලියක යෙදී සිටින බව උප කොන්ත්‍රාත් සමාගම අධිකරණයට දැනුම් දී ඇත.

RECENT ARTICLES - SINHALA

සාම්පූර් පොලීසිය අමානුෂික ලෙස ගැහැණියක් ඇදගෙන යයි

0
සාම්පූර්, චේනයූර්හි ප්‍රදේශයට කඩාවැදුණු සාම්පූර් පොලිසියේයැයි කියන පිරිසක් විසින් කාන්තාවන් තිදෙනකු හා පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් නිල ඇඳුම් ඇඳගත් මෙම පිරිස කෘර හා...

සා.පෙළ ප්‍රශ්නපත්‍ර ගැටළුව ගැන සුසිල්ගෙන් ප්‍රකාශයක්

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව සහ ඉංග්‍රීසි ප්‍රශ්නපත්‍ර සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දී අධ්‍යාපන අමාත්‍යවරයා අදහස් පළ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය විසින් ඉදිරිපත් කළ...

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක විරෝධතාවයට පොලීසියෙන් ජල ප්‍රහාරයක්

කොළඹ - බත්තරමුල්ල දියත උයන ඉදිරිපිට විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් විසින් අද (13) පැවැත්වූ උද්ඝෝෂණයක් විසුරුහැරීම සඳහා පොලීසිය ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. https://www.news19.lk/an-order-prohibiting-a-protest-march

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

යුපුන්ට ඉතාලියේදී ප්‍රථම ස්ථානයක්

ඉතාලියේ රෝම නගරයේ ඊයේ (11දා) පැවැති CDS ASSOLUTO SU PISTA මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 Serie-1 තරග ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන්...

වාහන ආනයනය කරන්න අවසර තියෙන්නේ පිරිසකට විතරයි-ශෙහාන් සේමසිංහ

වාහන ආනයනය ලබන වසරේ සිට යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. එය ක්‍රමානුකූලව සිදුකිරීමට සැලසුම් කර ඇති බව...