29 C
Colombo
Saturday, July 27, 2024

ඩයනාගේ නඩුව ගැන අධිකරණයෙන් CIDයට නියෝගයක්

- Advertisement -

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවයට අදාළ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ආගමන හා විගමන පාලකවරයාගෙන් සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් මහතා අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අගතියට පත් පාර්ශවයේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරුවයි.

අදාළ ප්‍රකාශ ලැබීමෙන් අනතුරුව ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය අත්අඩංගුවට ගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස අගතියට පත් පාර්ශවයේ නීතිඥවරුන් ඉදිරිපත් කර ඇති ඉල්ලීම සලකා බැලිය හැකි ද නැද්ද යන්න ප්‍රකාශ කරන බවයි ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර ඇත්තේ.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරියට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...