29 C
Colombo
Saturday, July 27, 2024

ෂාෆ්ටර්ගේ නඩුවේ දී CIDය වෙත අධිකරණය දුන් නියෝගය

- Advertisement -

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට අදාළ පරීක්ෂණවලදී රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකළ භාණ්ඩවලට අදාළ පරීක්ෂණ වාර්තා මෙතෙක් ලැබී නොමැති බැවින් කඩිනමින් එම වාර්තා කැඳවීමට පියවර ගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

නඩුව අද (20) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙන්වා දී ඇත්තේ මෙම පරීක්ෂණයට අදාළව රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලද ලේ සාම්පල ඇතුළු ද්‍රව්‍යවලට අදාළ වාර්තාව මෙතෙක් ලැබී නොමැති බවයි.

එම වාර්තාව ලැබීමේ ප්‍රමාදයක් තිබෙන බව පැවසු මහේස්ත්‍රාත්වරිය ඒවා කඩිනමින් කැඳවීමට පියවර ගන්නා ලෙසත් අවශ්‍ය නම් රජයේ රස පරීක්ෂකවරයා වෙත සිහි කැඳවීම් යොමු කිරීමට හැකියාව ඇති බවත් විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

නඩුව ලබන 28 වනදා යළි කැඳවීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරියට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...