31 C
Colombo
Wednesday, March 29, 2023

නව කොවිඩ් ප්‍රභේදය වාතයෙනුත් පැතිරෙනවා – මහාචාර්ය නීලිකා මලවිගේ (වීඩියෝ)

- Advertisement -

පවත්නා තත්ත්වය තුළ කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදයක් රටට ඇතුළු වී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කොවිඩ් 19 පාලනය පිළිබඳ විශේෂ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමින් ඇය සඳහන් කළේ පළමු හා දෙවැනි රැළිවලට වඩා වෙනස් ආකාරයට මෙම නව ප්‍රභේදය හැසිරෙමින් පවතින බවයි.

ඒ අනුව උදාහරණයක් ලෙස පෙර තත්ත්වයේදී එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකුට හෝ තිදෙනෙකුට වෛරසය ව්‍යාප්තවූයේ නම් නව තත්වය අනුව එක් අයෙකුගෙන් තවත් 5, 6 දෙනෙකුට වෛරසය බෝවීමේ හැකියාව පවතින බව ඇය මෙහිදී සඳහන් කළා.

එමෙන්ම නව තත්ත්වය යටතේ වෛරසය ආසාදනය වන තරුණ ප්‍රජාවටද දරුණු රෝග ලක්ෂණ මතු වීමේ ප්‍රවණතාවක් ද ඇති බව ඇය මාධ්‍ය අමතමින් සඳහන් කළා.

තවත මේ වන විට නව වෛරසය වාතය ඔස්සේ පැතිරීයාමේ අවධානමක් පවතින බවට ලෝක සෞඛ්‍ය සංවිධානයද පරීක්ෂණ මඟින් තහවුරු කර ඇතිබවද ඇය වැඩිදුරටත් සඳහන් කළා.

ඊට අදාළ දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

මුදල් අමාත්‍යාංශ ලේකම්ට එරෙහි පෙත්සම් දෙකක් හෙට කැඳවයි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට එරෙහිව ගොනු කළ පෙත්සම් දෙකක් හෙට (30) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ...

නිවාසාන්තර ක්‍රීඩා තරඟාවලියට පරිඝණක ක්‍රීඩා එක් කළ පාසලක්..!

0
සිය නිවාසාන්තර ක්‍රීඩා තරඟාවලියට පරිඝණක ක්‍රීඩා ද ඇතුලත් කිරීමට ගිරිඋල්ල වික්‍රමශීලා විද්‍යාලය කටයුතු කර තිබෙනවා. මෙවර 12 සහ 13...

මිනිස් ඝාතනයට තැත් කිරීමේ වරදට ජීවිතාන්තය දක්වා  සිරදඬුවම් 

බෝම්බයක් පුපුරුවා හැර මිනිස් ඝාතන සිදුකිරීමට තැත් කිරීමේ චෝදනාවට වරදකරුවූ චූදිතයෙකුට කොළඹ මහාධිකරණය අද (29) ජීවිතාන්තය දක්වා බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කළා.

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...