තවත් කොවිඩ් 19 මරණ 5 ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කරනවා. ඒ අනුව කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, රත්මලාන ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි කාන්තාවක්, කිරුළපන ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි කාන්තාවක්, කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි 81 හැවිරිදි කාන්තාවක් හා දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 82 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මියගිය පුද්ගලයන් අතරින් තිදෙනෙක් නිවසේදීම ජීවිතක්ෂයට පත්ව තිබීමද විශේෂත්වයක්.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් 19 මරණ සංඛ්‍යාව 66 දක්වා ඉහළ යනවා.
