තවත් කොවිඩ් මරණ 63ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.
පෙරේදා (27) දින තහවුරු කර ඊයේ (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ ඇති එම මරණ 63ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,258ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
පෙරේදා තහවුරු කළ මරණ අතරට කාන්තාවන් 28 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 35 දෙනෙකු අයත්.
