27.4 C
Colombo
Wednesday, June 7, 2023

කොවිඩ් පාලනය වෙලා නෑ; ලොකු අවදානමක ඉන්නේ – චන්න ජයසුමන

- Advertisement -

කොවිඩ් වසංගතය පාලනය වී ඇතැයි වැරදි වැටහීමක් ඇතිකර නොගත යුතු බව අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා.

ඒ ඊයේ (01) දින රූපවාහිනී නාලිකාවක් වෙත ප්‍රකාශයක් කරමින්.

සංචරණ සීමා ලිහිල් කර ඇති නමුත් වසංගතය පාලනය වී ඇති බවක් හෝ ඩෙල්ටා ප්‍රභේදයෙන් ඇති අවදානම පහව ගොස් ඇති බවක් එයින් ගම්‍ය නොවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එබැවින් සීමා ලිහිල් කිරීමන් අනිසි ප්‍රයෝජන නොගන්නා ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

“අද දිනයේ සිට සංචරණ සීමා ලිහිල් කරලා තියෙන්නෙ ඇත්තටම රාජ්‍ය සේවයේ කටයුතු අඛණ්ඩව ක්‍රමානුකූලව කරගෙන යෑමට. ඒකෙන් වැරදි වැටහීමක් කිසිකෙනෙක් ඇතිකරගන්න නරකයි කොවිඩ් වසංගතය පාලනය වෙලා තියෙන්නෙ, ඩෙල්ටා ප්‍රභේදයේ ප්‍රශ්නයක් නැහැ කියලා. 

ඇත්තටම ඒ පිළිබඳ ලොකු අවදානමක අප සිටින්නේ. නමුත් මේ රට යම් ආකාරයකට විවෘත කරලා තියෙන්නෙ සංචරණ සීමා ලිහිල් කරලා තියෙන්නෙ ජනතාවගේ පහසුව සඳහා රාජ්‍ය සේවය තවත් කාර්යක්ෂම කරලා ජනතාවට සේවය ලබාදෙන්න. හැබැයි ඒකෙන් අනිසි ප්‍රයෝජන ගන්න හදන්න එපා.

ඒක වැරදියට පාවිච්චි කළොත් එහෙම අපට තව සති දෙක තුනක් යනකොට ලොකු ප්‍රශ්නෙකට මුහුණ දෙන්න වෙන්න පුළුවන්. ඒක නිසා කාරුණිකව ඉල්ලා සිටිනවා සියලු දෙනාගෙන්ම බුද්ධිමත්ව කටයුතු කරන්න කියලා මේ වෙලාවෙ”

RECENT ARTICLES - SINHALA

යකඩ මිල ගණන් සීඝ්‍රයෙන් පහළට

යකඩවල මිල ගණන් 50%කින් පමණ අඩු වී ඇති බව යකඩ ආනයනකරුවෝ පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මේ වසරේ ආරම්භයේ දී...

මැති ඇමති නොවන පිරිසකට ආරක්ෂකයන් 5400ක් දීලා

ඇමැතිවරුන්ට මන්ත්‍රීවරුන්ට අමතරව වෙනත් පුද්ගලයන්ට ප්‍රභූ ආරක්ෂකයන් 5400ක් ලබාදී ඇතැයි තොරතුරු අනාවරණය වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී අද(06)...

ගුවන් යානා ගොඩ බැස්සවීමේ ගාස්තු අඩකින් අඩුවෙයි

ගුවන් යානා කටුනායක ගුවන් තොටුපොළට ගොඩබෑමේ ගාස්තු වසරක් දක්වා සියයට 50 කින් අඩු කිරීමට රජය තීරණය කර ඇතැයි වරාය නාවික සහ ගුවන්...

RECENT ARTICLES - ENGLISH

Essential drug prices to be reduced from 15 June

0
The Cabinet of Ministers approved the proposal raised by the Minister of Health to reduce the maximum retail price of 60 medicines...

Nearly 80 students, mostly girls, are poisoned in Afghanistan

0
Nearly 80 primary school students, mostly girls, are suspected to have been poisoned over the weekend and taken to hospital in Afghanistan’s...

Delays in trials pertaining to child abuse cases studied

0
The Sectoral Oversight Committee on Children, Women and Gender looks into the prevention of delays in trial pertaining to the cases of...