මේවනවිට කොවිඩ් රෝගීන් හට ප්‍රතිකාර කිරීම සඳහා රෝහල් තුළ ඉඩපහසුකම් නොවීම හේතුවෙන් ඔවුන්ගේ නිවෙස්වලම රඳවා තබා ගැනීමට සිදුව ඇති බව ප්‍රදේශ කිහිපයකින්ම වාර්තාවනවා.
ඒ අනුව හබරාදුව 36ක්, අම්බලන්ගොඩ 35ක්, ඉමදුව 13ක්, රත්ගම 09ක්, ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් 08ක්, බෝපේ පොද්දලින් 08ක්, කරන්දෙණිය 04ක්, බලපිටිය 03ක්, හික්කඩුවෙන් 04ක්, වැලිවිටියෙන් 02ක්, උඩුගම රෝගින් 02ක්, අක්මිමන 01ක්, ඇල්පිටියෙන් 01ක් වශයෙන් රෝගින් 114 දෙනෙකුට මේ ආකාරයට නිවෙස් තුළට වී සිටින්නට සිදුව තිබෙනවා.
දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පවසන්නේ රෝහල් තුළ ඇඳන් හිස්වුවහොත් පමණක් රෝගීන් ඇතුළත් කරගත හැකි බවයි.
“දකුණු පළාතේ කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථාන 08ක ඇදන් 1400ක් තියෙනවා. එම ඇඳන් කොරෝනා රෝගින්ගෙන් පිරිගොස් තියෙනවා. දකුණු පළාතේ රෝගින් පමණක් නෙවෙයි දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් මෙම කොරෝනා වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථාන වලට රෝගීන් රැගෙන එනවා. එම නිසා යම් රෝගින්සංඛ්‍යාවක් කොරෝනා වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථාන වලට ඇතුළත් කිරිමට නොහැකි වි තියෙනවා. ඇඳන් හිස් වන ප්‍රමාණය අනුව තමයි රෝගින් ඇතුළත් කිරිමට හැකිවන්නේ. “
