28 C
Colombo
Saturday, July 27, 2024

ගම සමග පිළිසදරක් වැඩසටහන ආ ආගරපතන ප්‍රාදේශිය සභාවේ සභාපතිට කොවිඩ්

- Advertisement -

ආගරපතන ප්‍රාදේශිය සභාවේ සභාපති කදිර් සෙල්වම් හට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇත.

දෙසැම්බර් 20 දින සිදු කරන ලද පි.සි ආර් පරික්ෂණයකදී මේ බව තහවුරු වු බව ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරීන් පවසයි.

අසාදිත සභාපතිවරයා පදිංචි ආගරපතන ඇල්බියන් කෝන්ෆිල්ඩ් වතු යායේ දි දෙසැම්බර් 16 දින පිසිආර් පරීක්ෂණයක් සිදු කර ඇති අතර සසභාපතිවරයා ඇතුළු ඔහුගේ පවුලේ සමාජිකයින් ස්වයං නිරෝදනයට යොමු කර ඇත.

එසේ තිබියදී නිරෝදායන උපදෙස් වලට පටහැනිව ක්‍රියාකරමින්  ඔහු  17 සහ 18 යන දෙදින තුල ප්‍රභු වරන් රැසක් සහභාගි වු රැස්විම් කිහිපයකට සහභාගි වි ඇත.

අදාල පුද්ගලයා දෙසැම්බර් 17 වෙනිදා මහනුවර පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ සම්මන්ත‍්‍රණ ශාලාවේදී බැසිල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත් වූ ‘ගම සමග පිළිසදරක්’ වැඩසටහනට සහභාගී වී ඇත.

අදාල රැස්විම් වලට නුවරඑළිය,තලවාකැලේ ලිදුල ,කොටගල ,ආගරපතන ,නොර්වුඩ්, මස්කෙලිය ,අඹගමුව යන ප්‍රාදේශිය සභා සහ නගර සභා වල සභාපතිවරුන් , නගරාධිපතිවරුන් , නාගරික ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් ගනනාවක් සහභාගි වි ඇත.

නිරෝධායන උපදෙස් වලට පටහැනිව කටයුතු කල ආගරපතන ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාට එරෙහිව නුවරඑළීය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ දෙසැම්බර් 21 දින කරුණු වාර්තා කිරිමට නියමිත බවත් වාර්තා වේ.

.

RECENT ARTICLES - SINHALA

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

මැතිවරණ නීතියට හිස නමා ත්‍රීරෝද රථයට ගොඩ වුණ මෛත්‍රී (වීඩියෝ)

නිදහස් පක්ශයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් අද (26) දින අතුරුගිරිය පෝරේ විජේදාස රාජපක්ශ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැත්වුණා. මේ සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රීරෝද...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...