වසංගතවේද විද්‍යානුකූලව මෙරට තුළ කොවිඩ් -19 වසංගත තත්ත්වය තවමත් සමාජ ව්‍යාප්තියක් දක්වා මෙතෙක් වර්ධනය වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
ජනවාරි 14 දින මහනුවරට පැමිණි ඒ මහතා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය.
ආසාදිතයින් බහුලව වාර්තා වු බස්නාහිර පළාතේ වෛරස ව්‍යාප්තියේ පාලනයක් මේ වනවිට සිදුවී ඇති බවත් ඒ මහතා පැවසීය.