29 C
Colombo
Wednesday, March 29, 2023

ආරක්ෂකයන්ට කොවිඩ් – අගමැති කාර්යාලය පිළිගනී

- Advertisement -

අග්‍රාමාත්‍ය ආරක්ෂකයන් අතරින් කොවිඩ්-19 ආසාදිතයන් හමුවී ඇති බව සහ දැනට අග්‍රාමාත්‍ය කාර්යාලයේ සේවය කිරීම සඳහා අත්‍යාවශ්‍ය නිලධාරීන් පිරිසක් පමණක් ගෙන්වන බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයකින් පිළිගෙන තිබේ.

ඒ අග්‍රාමාත්‍ය කාර්යාලය ‘ලොක්ඩවුන්’ කර ඇතැයි සඳහන් පුවත් ප්‍රතික්ෂේප කරමින් එම කාර්යාලයේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා නිකුත් කර ඇති නිවේදනයකින්ය.

ඒ අනුව කොවිඩ්-19 රෝගය ඇතැයි තහවුරු වී ඇත්තේ අරලියගහ මන්දිරය අභ්‍යන්තරයේ රාජකාරී කරන ආරක්ෂක නිලධාරීන්ට නොව බාහිරව සේවය කරන නිලධාරීන්ට පමණක් බව එම නිවේදනයෙහි සඳහන් කර තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලය ලොක්ඩවුන් කර නොමැති බවත් අත්‍යාවශ්‍ය නිලධාරීන් සේවය කරන බවත්, බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ජනාධිපති කාර්ය සාධක බලකායේ නිලධාරීන්ද ඒ අතර සිටින බවත් එම නිවේදනයෙහි සඳහන්ය. ඒ අනුව සේවකයන් පිරිසකට සේවයට නොපැමිණෙන ලෙස දැනුම් දී තිබෙන බව තහවුරු වේ.

නොවැම්බර් 22 සන්ඩේ ටයිම්ස් පුවත්පතේ දේශපාලන තීරුවෙහි අග්‍රාමාත්‍ය කාර්යාලයේ සේවකයන්ට සේවයට නොපැමිණෙන ලෙස දැනුම් දී ඇති බව සහ අග්‍රාමාත්‍ය ආරක්ෂක නිලධාරීන්ට කොවිඩ්-19 වැළඳී ඇති බව වාර්තා කර තිබුණි. තීරුවේ සඳහන් කරුණුවලින් කොටසක් උක්ත අග්‍රාමාත්‍ය කාර්යාල නිවේදනයෙන් තහවුරු වී තිබේ.

එසේ වුණත් එම තීරුවේ උප සිරස්තලයක සඳහන් වූ අග්‍රාමාත්‍ය කාර්යාලය ‘ලොක්ඩවුන්’ කර ඇති බවට වන කරුණ අග්‍රාමාත්‍ය කාර්යාලය එම නිවේදනයෙන් ප්‍රතික්ෂේප කර ඇත.

RECENT ARTICLES - SINHALA

ONMAX DT අධ්‍යක්ෂකවරුන් හයදෙනෙකුට විදෙස් ගමන් තහනමක්

අමෙරිකානු ඩොලර් කෝටි 10ක පිරමීඩාකාර මූල්‍ය වංචාවක් සිදුකළ බව කියන පුද්ගලික(ONMAX DT) ආයතනයේ අධ්‍යක්ෂකවරුන් හයදෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස කොලඹ මහේස්ත්‍රාත්...

DNA වාර්තා සාරා ජස්මින් මියගිය බව තහවුරු කරයි

පාස්කු දින ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටියදී 2019 වසරේ අප්‍රේල් මස 26 වැනිදා සයින්දමරුදු ප්‍රදේශයේ නිවසකදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැරීමෙන්...

ජාතික රූපවාහිනියත් විකුණන්න යයි

ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් අසංග ජයලත් විසින් සේවකයන් වෙත ස්වේච්ඡාවෙන් සේවයෙන් ඉවත් වන්නේ නම් ඒ සඳහා අදාළ අයදුම්පත් ඉදිරිපත් කරන...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...