24 C
Colombo
Tuesday, March 21, 2023

කොවිඩ් දේහ තවදුරටත් ආදාහනය කරනවා – කෙහෙළිය

- Advertisement -

කොවිඩ් හේතුවෙන් මියගිය අයගේ දේහ භූමදානය සම්බන්ධයෙන් දැනට සිටින ස්ථාවරයේ කිසිදු වෙනසක් නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

අද (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු යොමුකළ පැනයකට පිළිතුරු දෙමින් ඔහු මෙම අදහස් පළකළා.

මාධ්‍යවේදියෙකු මෙහිදී ප්‍රශ්න කර සිටියේ කොවිඩ් දේහ භූමදානය සම්බන්දව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයන් හතරදෙනෙකුගෙන් යුත් කමිටුව ඊයේ නිකුත්කළ වාර්තාවට අනුව කොවිඩ් දේහ භූමදානය තුළින් කොවිඩ් පැතිරීමේ කිසිදු සාධනීය තත්ත්වයක් නොමැති බව එහිද සදහන්ව ඇති බැවින් ශ්‍රී ලංකාව මේ සම්බන්ධව ගෙන ඇති ක්‍රියාමාර්ගය කුමක්ද යන්න පිළීබදවයි.

ඊට පිළිතුරු දෙමින් කෙහෙළිය රඹුක්වැල්ල මහතා සදහන් කළේ රජය අනුගමනය කරන්නේ සෞඛ්‍ය අංශ වල බලධාරීන් ඒ පිළිබදව ලබාදෙන ක්‍රමවේදය බවත්, එම ක්‍රමවේදයෙන් බැහැර වුවහොත් රටේ ඇති වන අනතුරු තත්ත්වය පිළිබදව වගකීම රජයට ගැනීමට සිදුවන බවත්ය.
එබැවින් සාමාන්‍ය පුද්ගලයන් වශයෙන් වෛද්‍ය ක්ෂේත්‍රය ගැන දැනුමක් නොමැති හෙයින් හිතුවක්කාර තීන්දු ගත නොහැකි බවද අමාත්‍යවරයා මෙහිදී සදහන් කළා.

ඒ අනුව වෛද්‍ය ක්ෂේත්‍රයේ අදාල බලධාරීන් විසින් ලබාදෙන තීන්දු අනුව කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහිදී සදහන් කළා.

RECENT ARTICLES - SINHALA

කැබිනට් රැස්වීමේ දී ගත් විශේෂ තීන්දුව

0
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබුණු වහාම ඒ පිළිබඳව වන පොරොන්දු පත්‍රයට සහ...

BREAKING – IMF ණය පහසුකම අනුමත වෙයි

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර...

පුෂ්පිකාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ දිනයේදී තමාට සුළු තුවාල සිදුකළැයි කියන සිද්ධියට අදාළ පැමිණීලිකාරිය වන පුෂ්පිකා ද සිල්වා මහත්මියට ලබන ජුනි...

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.