26 C
Colombo
Friday, May 17, 2024

රාජ්‍ය ආයතනවලට සයිබර් ආරක්ෂාව

- Advertisement -

රාජ්‍ය ආයතන ඩිජිටල් පද්ධති මත කටයුතු කිරීමේ වැඩි ප්‍රවණතාවක් පවතින නමුත් තොරතුරු හා සයිබර් ආරක්ෂාව පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් යොමු නොකිරීම, යල් පැන ගිය තාක්ෂණ භාවිතය සහ රාජ්‍ය අංශයේ සයිබර් ආරක්ෂාව කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය නිපුණ කාර්යමණ්ඩල හිඟය හේතුවෙන් එම ආයතනවල තොරතුරු හා තොරතුරු තාක්ෂණ පද්ධති දැඩි අවදානමකට ලක්ව ඇති බව රජය පවසනවා.

එම තත්ත්වය පාලනය කිරීම පිණිස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය විසින් ශ්‍රී ලංකාවේ තොරතුරු සහ සයිබර් ආරක්ෂණ මූලෝපාය 2019-2023ට අනුගතව සහ පිළිගත් අන්තර්ජාතික තොරතුරු ආරක්ෂණ ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි රජයේ ආයතන සඳහා තොරතුරු හා සයිබර් ආරක්ෂණ ප්‍රතිපත්ති කෙටුම්පත් කර තිබෙනවා.

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතේ “පොදු අධිකාරිය” ලෙස අර්ථ දක්වා ඇති සියලුම රාජ්‍ය ආයතන විසින් මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම අනිවාර්ය වන බවයි පැවසෙන්නේ.

ඒ අනුව, රජයේ ආයතන සඳහා යෝජිත තොරතුරු හා සයිබර් ආරක්ෂණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිණිස තාක්ෂණ අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ලද යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

වර්ජනය නිසා 150,000කගේ උපාධිය අවසන් කිරීම කල් ගිහින්

විශ්වවිද්‍යාල අනධ්‍යන වෘත්තීය සමිති ආරම්භ කර ඇති අඛණ්ඩ වැඩවර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාලවල උපාධි අපේක්ෂකයින්ගේ විභාග සියල්ල කල් දැමීමට සිදුව ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව...

ආබාධිත සිසුවෙක්ට විභාග දෙපාර්තමේන්තුවෙන් කළ අසාධාරණය (වීඩියෝ)

උපතින්ම ආබාධිත වීම හේතුවෙන් රෝද පුටුවෙන් එකොළොස් වසරක් පාසලට පැමිණි සිසුවෙකුට හා මෙතොදියස් විද්‍යාලයේ විශයන් හතරක් පමණක් ලිවිමට සිටි සිසුවියකට අ.පො.ස. සාමාන්‍ය පෙළ...

ඇල්ල – වැල්ලවාය මාර්ගය විවෘත කෙරේ

තාවකාලිකව වසා දැමූ ඇල්ල - වැල්ලවාය මාර්ගය නැවත ගමනාගමනය සඳහා විවෘත කර තිබෙනවා. පොලීසියේ පූර්ණ අධීක්ෂණය යටතේ දැඩි සුපරික්ෂාවෙන් අදාළ මාර්ගයේ ගමනාගමන කටයුතුවල නිරතවන ලෙස...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...