බුරේවි සුළි කුණාටුව මේ වන විට ශ්‍රී ලංකාව දෙසට ගමන් කරමින් තිබෙන අතර, හානි වැළැක්වීම සහ අවම කිරීම සඳහා උපරිම හා කඩිනම් පියවර ගන්නා ලෙස රජය අදාළ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.
අද සවස 7 පමණ වන විට සුළි කුණාටුව ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයෙන් ඇතුළු වන බව මේ වන විට අපේක්ෂා කෙරෙනවා.
මේ හේතුවෙන් මුහුදු රළ වැඩිවීමට හේතු විය හැකි බැවින් ධීවර ප්‍රජාව තම බෝට්ටු සුරක්ෂිත කිරීමට පියවර ගන්නා ලෙස රජයේ ඉල්ලා සිටිනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ දකුණු පළාත හැරුණු විට අනෙකුත් සියලුම පළාත්වලට සුළි කුණාටුවේ බලපෑම ඇතිවිය හැකි බවයි.
කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය හා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අදාල නිලධාරීන් එක්ව මෙම සුළිකුණාටුව පිළිබදව මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද පස්වරු 3 සිට විකාශය කිරීමට නියමතයි.
එම වැඩසටහන News 19 Facebook පිටුව ඔස්සේ සජීවීව විකාශය කෙරේ.
‘බුරවි’ සුළි කුණාටුව මේ වන විට සක්‍රීයව ඇති ආකාරය පහත සබැදියෙන් බලන්න.
https://zoom.earth/storms/burevi-2020/
- පළාත් පාලන ආයතන ගැන සොයා බැලීමට රනිල්ගෙන් කමිටුවක්
- සියතේ ලාල් හේමන්ත මාවලගේට සම්මානයක්
- ඡන්දේ තියන්න පාකිස්තානෙටත් මුදල් නැහැ
- ප්‍රවෘත්ති අංශයෙන් රයිගම් සම්මාන ජයග්‍රාහකයන් මෙන්න
- ප්රංශයත් ටික්ටොක් තහනම් කරයි