29 C
Colombo
Wednesday, March 29, 2023

ධම්මික පැණිය පානය කළ 05කට කොවිඩ්

- Advertisement -

කොවිඩ් 19 වෛරසයට තමන් ඖෂධයක් නිෂ්පාදනය කළා යැයි පවසන කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා හඳුන්වා දුන් පැණිය පානය කළ පස් දෙනෙකුට එම වෛරසය ආසාදනය වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කර ඇත.

මෙසේ එම වෛරසය ආසාදනය වී ඇත්තේ වරකාපොල සහ කෑගල්ල ප්‍රදේශවල පදිංචි කාන්තාවක් සහ ඇගේ අවුරුදු 05ක් වූ දරුවකු ඇතුළු පස් දෙනෙකුට බව වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසා ඇත.

තමන් එම ඖෂධය පානය කළ බව ඔවුන් විසින් සෞඛ්‍යය නිලධාරීන් සමග තොරතුරු හෙළි කර ඇති බවත් ඒ මහතා පවසා ඇති බවත් එම ආසාදිතයන් මේ වන විට කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට යොමු කර ඇති බවද ඒ මහතා පවසා ඇත.

නිරෝධායන නීති නොතකමින් පෝලිම්වල පැය ගණන් පොරකමින් එම ඖෂධය ලබා ගැනීමට යාමෙන් ඉදිරියේදී එම ප්‍රදේශවල වෛරසය තවත් දැඩිව ව්‍යාප්ත වීමේ අවදානමක් තිබෙන බව ද ඒ මහතා පවසා ඇත.

සෞඛ්‍ය නීති නොතකමින් මෙවන් දේ පසුපස ගොස් ජීවිතය අවදානමක දමා නොගන්නැයි ඉතා ඔ්නෑකමින් ජනතාවගෙන් ඉල්ලා සිටින වෛද්‍ය හරිත අලුත්ගේ පවසා ඇත.

හරිත අලුත්ගේ මහතා ලංකාදීප පුවත්පතට මෙසේ පවසා ඇත.

RECENT ARTICLES - SINHALA

DNA වාර්තා සාරා ජස්මින් මියගිය බව තහවුරු කරයි

පාස්කු දින ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටියදී 2019 වසරේ අප්‍රේල් මස 26 වැනිදා සයින්දමරුදු ප්‍රදේශයේ නිවසකදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැරීමෙන්...

ජාතික රූපවාහිනියත් විකුණන්න යයි

ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් අසංග ජයලත් විසින් සේවකයන් වෙත ස්වේච්ඡාවෙන් සේවයෙන් ඉවත් වන්නේ නම් ඒ සඳහා අදාළ අයදුම්පත් ඉදිරිපත් කරන...

මුදල් අමාත්‍යාංශ ලේකම්ට එරෙහි පෙත්සම් දෙකක් හෙට කැඳවයි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට එරෙහිව ගොනු කළ පෙත්සම් දෙකක් හෙට (30) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...