25 C
Colombo
Wednesday, September 27, 2023

ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩුව අද

- Advertisement -

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩු විභාගය අද (18) සිඩ්නි හි අධිකරණයේදී කැඳවා තිබෙනවා.

T20 ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට ඕස්ට්‍රේලියාව බලා ගොස් සිටි ධනුෂ්ක ගුණතිලක එරට කාන්තාවක් විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව 2022 නොවැම්බර් මාසයේදී සිඩ්නි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

එහිදී ඔහුට එරෙහිව ස්ත්‍රී දුෂණ චෝදනා 4ක්   එල්ල කර තිබූ අතර අනතුරුව ඉන් චෝදනා තුනක් ඉවත්කර ගැනුණා .

අදාළ තරුණියගේ “කැමැත්තකින් තොරව ලිංගික කටයුතුවල නිරතවීම” යන චෝදනාව එහිදී ඔහුට එල්ල වී තිබුණා .

අද අධිකරණයේදී එම තරුණියගේ පාර්ශවය විසින් කරුණු දක්වා තිබූ අතර එහිදී ඇය සඳහන් කර තිබුණේ තමාට ජීවිතය සම්බන්ධයෙන් බයක් දැනුණු බවයි.

නමුත් ධනුෂ්කගේ නීතිඥවරයා අදාළ චෝදනා ප්‍රතික්ෂේප කර තිබුණා.

පැමිණිලිකරුගේ සාක්ෂි විශ්වසනීය නොවන බවට ඔහු තර්ක කර තිබූ අතර  ඔහු  අධිකරණය හමුවේ පවසා ඇත්තේ ධනුෂ්ක ගුණතිලක විශිෂ්ට චරිතයක් ඇති පුද්ගලයෙකු වශයෙන් පොලිසිය සමඟ සහයෝගයෙන් කටයුතු කළ බවයි.

RECENT ARTICLES - SINHALA

CIDයේ වැසිකිළියකින් වේදනානාශක පෙති තොගයක් සොයා ගැනේ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැසිකිළියක් තුළ තිබී වේදනානාශක ඖෂධ පෙති තොගයක් සොයා ගෙන තිබෙනවා. අවස්ථා තුනකදී එලෙස වේදනානාශක ඖෂධ පෙති සොයාගත් බව පොලිසිය සඳහන් කරනවා. එම ඖෂධ...

කල්පිටිය ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පිපිරීමක්

කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පිපිරීමක් සිදුව තිබෙනවා. මෙම පිපිරීමෙන් එක් ගුවන් භටයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර තවත් අයකු තුවාල ලබා ගත රෝහල් ගත...

අල්ලස් ගත් සුරා බදු නිලධාරීන්ගේ වැඩ තහනම්

බීඩි නිෂ්පාදකයකුට පහරදී අල්ලස් ගැනීමට උත්සහ දැරීමේ සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගත් තංගල්ල සුරාබදු ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් සිවුදෙනාගේ වැඩ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් තහනම් කර...

POPULAR ARTICLES

බැංකුවල ණය පොළී අනුපාතයේ වෙනසක්

බලපත්‍රලාභී වාණිජ බැංකුවල සාමාන්‍ය ණය දීමේ අනුපාතිකය මේ සතියේ තවත් පදනම් අංක 40 කින් සියයට 14.81 දක්වා අඩු වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට...

සිනොපෙක් එකටත් වඩා අඩුවෙන් තෙල් දෙන RM පාර්ක්ස්

එක්සත් ජනපදයේ RM Parks සමාගම ලබන මස සිට ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදාහැරීම ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා. RM Parks සමාගම යනු ලෝ...

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ

ඉන්දියාවේදී පැවැත්වෙන 2023 එක්දින ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ඒ අනුව කණ්ඩායමේ නායකයා ලෙස සුපුරුදු පරිදි කටයුතු කරන්නේ දසුන්...