25 C
Colombo
Wednesday, September 27, 2023

ධනුෂ්ක ගුණතිලකගේ නඩුව දෙවැනි දිනයටත් සංකීර්ණ වෙයි

- Advertisement -

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩු විභාගය අද (19) ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර NSW දිස්ත්‍රික් අධිකරණය හමුවේ දෙවැනි දිනටත් කැඳවා තිබුණා .

පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී මෙම නඩුවේ වින්දිතයා වශයෙන් සැලකෙන කාන්තාවගේ නිවසට පැමිණීමෙන් අනතුරුව ඇයගේ කැමැත්තෙන් තොරව ලිංගිකව හැසිරීමේ චෝදනාව ධනුෂ්ක ගුණතිලක විසින් මෙහිදී ප්‍රතික්ෂේප කර තිබුණා.

ධනුෂ්ක සහ අදාළ කාන්තාව ඔපෙරා බාර් නම් ස්ථානයේදී මුණ ගැසීමෙන් පසු ඔවුන් වැළඳගන්නා ආකාරය සහ අනතුරුව කාන්තාවගේ නිවෙස වෙත පිටත්ව යාම පෙන්නුම් කරන ආරක්ෂිත කැමරා දර්ශන මෙහිදී අධිකරණයට ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව, මෙම සාක්ෂි පදනම් කර ගෙන පැමිණිලිකාර කාන්තාව දැඩි ලෙස ප්‍රශ්න කිරීමට ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මුරුගන් තංගරාජ් මෙහිදී කටයුතු කර තිබෙනවා.

ලිංගිකව හැසිරීමට පෙර ධනුෂ්ක ගුණතිලක විසින් උපත් පාලන කොපුවක් භාවිතා නොකර සිටීමට ඇයව ඒත්තු ගැන්වීමට උත්සාහ කළ බව පැමිණිකාර කාන්තාව ඊයේ අධිකරණය වෙත පවසා තිබුණා.  

නමුත් නීතිඥ තංගරාජ් මහතා එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ධනුෂ්ක ගුණතිලක විසින් ඇයට එවැනි යෝජනාවක් සිදු නොකළ බවත් අනාරක්ෂිත ලිංගික හැසිරීමකට ඇයව පොළඹවා ගැනීමට උත්සාහ නොකළ බවත් එහිදී නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ඊට ප්‍රතිචාර දක්වමින් වින්දිත කාන්තාව පවසා ඇත්තේ එය නිවැරදි  ප්‍රකාශයක් නොවන බවයි.

පැමිණිකාර  කාන්තාව  විසින් ධනුෂ්ක ගුණතිලක ඇයගේ  නිදන කාමරයට කැඳවා ගෙන ගොස් ඉටිපන්දම් දැල්වූයේ මන්දැයි මෙහිදී තංගරාජ් මහතා  තවදුරටත් ඇයගෙන් ප්‍රශ්න කර තිබුණා.

ඔහුව නිදන කාමරයට ගෙන යාමට ගත් තීරණය ඇය විසින් පෙරදී සැලසුම් කරන ලද්දක් නොවේද යන්න මෙහිදී නීතිඥවරයා පැමිණිළිකාර කාන්තාවගෙන් විමසා තිබෙනවා.

කෙසේ වෙතත් පැමිණිලිකාර කාන්තාව නීතිඥවරයාගේ එම ප්‍රකාශය සමඟ එකඟ වී නැහැ.

මේ අතර, පැමිණිලිකාර කාන්තාව ධනුෂ්ක ගුණතිලක සමඟ ආරක්ෂිත ලිංගික හැසිරීමක් සඳහා එකඟතාවය පළ කර ඇති බව මෙම නඩු විභාගයේ අභිචෝදකවරිය අද පවසා තිබෙනවා.

මෙම නඩු විභාගය ඉදිරියටත් පැවැත්වීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

CIDයේ වැසිකිළියකින් වේදනානාශක පෙති තොගයක් සොයා ගැනේ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැසිකිළියක් තුළ තිබී වේදනානාශක ඖෂධ පෙති තොගයක් සොයා ගෙන තිබෙනවා. අවස්ථා තුනකදී එලෙස වේදනානාශක ඖෂධ පෙති සොයාගත් බව පොලිසිය සඳහන් කරනවා. එම ඖෂධ...

කල්පිටිය ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පිපිරීමක්

කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පිපිරීමක් සිදුව තිබෙනවා. මෙම පිපිරීමෙන් එක් ගුවන් භටයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර තවත් අයකු තුවාල ලබා ගත රෝහල් ගත...

අල්ලස් ගත් සුරා බදු නිලධාරීන්ගේ වැඩ තහනම්

බීඩි නිෂ්පාදකයකුට පහරදී අල්ලස් ගැනීමට උත්සහ දැරීමේ සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගත් තංගල්ල සුරාබදු ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් සිවුදෙනාගේ වැඩ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් තහනම් කර...

POPULAR ARTICLES

බැංකුවල ණය පොළී අනුපාතයේ වෙනසක්

බලපත්‍රලාභී වාණිජ බැංකුවල සාමාන්‍ය ණය දීමේ අනුපාතිකය මේ සතියේ තවත් පදනම් අංක 40 කින් සියයට 14.81 දක්වා අඩු වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට...

සිනොපෙක් එකටත් වඩා අඩුවෙන් තෙල් දෙන RM පාර්ක්ස්

එක්සත් ජනපදයේ RM Parks සමාගම ලබන මස සිට ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදාහැරීම ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා. RM Parks සමාගම යනු ලෝ...

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ

ඉන්දියාවේදී පැවැත්වෙන 2023 එක්දින ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ඒ අනුව කණ්ඩායමේ නායකයා ලෙස සුපුරුදු පරිදි කටයුතු කරන්නේ දසුන්...