28 C
Colombo
Saturday, July 27, 2024

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගයට දින නියම වෙ

- Advertisement -

අමාත්‍ය උදය ගම්මන්පිලට මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය ජුලි මස 19 සහ 20 වනදා පැවැත්වීමට තීරණය වී තිබේ.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙරවරුවේ රැස්වුණු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී පක්ෂ නායකයින් මේ බව තීරණය කළ බවයි වාර්තා වන්නේ

ඉන්ධන මිල වැඩිකිරීමේ සිද්ධිය මුල්කර ගනිමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජනබලවේගය විසින් ජූනි 22 වන දා පාර්ලිමේන්තුවේදී කථානායකවරයා වෙත එම විශ්වාසභංග යෝජනාව භාර දී තිබුණි.

විපක්ෂ මන්ත්‍රීවරුන් 43 දෙනෙකුගේ අත්සන්වලින් යුත් එම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් කතානායකවරයා වෙත භාර දෙනු ලැබීය.

කරුණු 10ක් යටතේ එම විශ්වාසභංග යෝජනාව සකස්කර ඇති සමගි ජන බලවේගය පෙන්වා දෙන්නේ, අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් ඉන්ධන මිල වැඩි කර ඇතැයි පෙනී යන බවයි.

ජූනි 16 දින කොළඹ පිහිටි විපක්ෂනායක කාර්යාලයේදී ඊට අත්සන් තැබීම ආරම්භ කෙරිණි.

RECENT ARTICLES - SINHALA

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

මැතිවරණ නීතියට හිස නමා ත්‍රීරෝද රථයට ගොඩ වුණ මෛත්‍රී (වීඩියෝ)

නිදහස් පක්ශයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් අද (26) දින අතුරුගිරිය පෝරේ විජේදාස රාජපක්ශ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැත්වුණා. මේ සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රීරෝද...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...