31 C
Colombo
Friday, April 19, 2024

42 වෙනි ජාතික යෞවන සම්මාන උළෙලේ වාර්තා චිත්‍රපට අංශයේ සම්මාන හයම “දවසක්” දිනා ගනී

- Advertisement -

මෙවර 42 වැනි ජාතික යෞවන සම්මාන උළෙලට සමගාමීව පැවැත්වුණු 9 වැනි යෞවන චිත්‍රපට උළෙලේ වාර්තා චිත්‍රපට අංශයේ හොඳම වාර්තා චිත්‍රපටය ලෙස අරවින්ද වන්නිනායක අධ්‍යක්ෂණය කළ “දවසක්” වාර්තාමය චිත්‍රපටය සම්මානයට පාත්‍ර වුණා.

9 වැනි යෞවන චිත්‍රපට උළෙලේ වාර්තා චිත්‍රපට අංශයට අයත් සම්මාන හයම “දවසක්” වාර්තාමය චිත්‍රපටයට හිමිවීම විශේෂත්වයක්.

එහි දී “දවසක්” වාර්තාමය චිත්‍රපටයේ තිර පිටපත රචනා කරනු ලැබූ බුද්ධික සමන් ගුණවර්ධන හොඳම තිරපිටපතට හිමි සම්මානය දිනා ගත් අතර හොඳම අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනයට හිමි සම්මාන අරවින්ද වන්නිනායක විසින් දිනාගනු ලැබුවා.හොඳම කැමරාකරණය “දවසක්” වාර්තාමය චිත්‍රපටයට කැමරාකරණයෙන් දායක වූ ප්‍රභාත් වික්‍රමසිංහ විසින් දිනා ගනු ලැබූ අතර හොඳම සංගීත අධ්‍යක්ෂණය “දවසක්” සංගීත අධ්‍යක්ෂණය කළ මිලින්ද තෙන්නකෝන් වෙත හිමි වුණා.හොඳම සංස්කරණයට හිමි සම්මානය ද “දවසක්” සංස්කරණය වෙනුවෙන් දායක වූ නිලාන් පී. ජයරත්න විසින් දිනා ගනු ලැබුවා.

“මුළු ජීවිතයම එක දවසක්” යන තේමාවෙන් නිර්මාණය කළ දවසක් වාර්තාමය චිත්‍රපයට සැඳෑ සමයට ප්‍රවිශ්ඨ වන වයෝවෘද්ධ ප්‍රජාවගේ ජීවිතවල අවින්ශ්චිත ඉරණම පිළිබඳ සංවේදී සමාජ ප්‍රස්තුතයක් තේමා වුණා.

ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කළ 42 වැනි ජාතික යෞවන සම්මාන උළෙල පසුගිය 26 වැනි දා කොළඹ නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී උත්කර්ෂවත් ලෙස පැවැත්වුණේ තරුණ හා ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

RECENT ARTICLES - SINHALA

අයිස් සමග නාවික හමුදා ලොක්කෝ දෙදෙනෙකුත් මාට්ටු

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරුන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510ක් සන්තකයේ...

ඉස්සන් කර්මාන්තය දැඩි අර්බුදයක

ඉස්සන් කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා ගැටලු රැසක් පැනනැගී ඇති බව ඉස්සෝ වගාකරුවන් පවසනවා. ඔවුන් සඳහන් කරන්නේ මෙම අසීරු තත්ත්වය මත තම කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන...

ලංකාවෙන් යුක්රේන් යුද්දෙට කුලී හේවායන් යැවූ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

රුසියානු හමුදාවට කුලී හේවායන් ලෙස මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයන් යැවීමේ සංවිධානාත්මක ජාවාරමක යෙදුණු සැකකරුවන් දෙදෙනෙකු වූ විශ්‍රාමික මේජර්වරයකු සහ රැකියා ඒජන්සිකරුවකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...