28 C
Colombo
Saturday, July 27, 2024

කඳුකර කොටියෙකුගේ මළ සිරුරක් තේ වත්තක

- Advertisement -

දඩයම්කරුවෙකු විසින් තේ වත්තේ අටවා තිබු මන්දකට හසුවි මියගොස් සිටි කදුකර කොටියෙකුගේ සිරුරක් ඊයේ (03) හමු වු බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් පවසනවා.

ඔවුන් කියා සිටියේ, නොර්වුඩ් පොලිස් වසමට අයත් රොක්වුඩ් වතුයායේ තේ වත්තේ අටවා තිබු කම්බි මන්දකට කදුකර කොටියා හසු වි දින ගණනාවක් ගත විම නිසා කදුකර කොටියා ජිවිතක්ෂයට පත් වි සිරුර දැඩි ලෙන නරක් වි තිබු බවයි.

ජිවිතක්ෂයට පත් කදුකර කොටියාගේ සිරුර එම වතුයායේ වතු කම්කරු විසින් දැක ඒ බව තම කාර්යාලය වෙත දැනුම් දුන් බවත්, කදුකර කොටියාගේ සිරුර හැටන් මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා රණ්දෙණිගල වනජිවි පශු වෛද්‍ය රෝහල වෙත යොමු කල බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් වැඩිදුරටත් සඳහන් කරනවා.

පශ්චාත් මරණ පරික්ෂණය සිදු කල රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ වෛද්‍ය අකලංක පිණිදෙණිය මහතා කියා සිටියේ, මියගිය කදුකර කොටියා කමිබි මන්දට හසුවිම නිසා ගෙල සිර වි මියගොස් ඇති බවත්, අවුරුදු 4-5 අතර වයසක් ඇති මියගිය කදුකර කොටියා ගැහැණු සතෙකු බවයි.

කදුකර කොටින් පිලිබදව සමික්ෂණ සිදු කරන මෙරට සංවිධානයක් විසින් මියගිය කදුකර කොටියා කුඩා කල සිටම එම තේ වත්තේ හැදුණු වැඩුණු කදුකර කොටියෙකු බවට එම සංවිධානය විසින් හදුනාගෙන තමන් වෙත දැනුම් දුන් බවද ඔහු පවසනවා.

වල් ඌරන් දඩයම් කිරිම සදහා දඩයම්කරුවන් විසින් තේ වත්තේ අටවනු ලබන කම්බි මදු වලට කදුකර කොටින් හසු වන බවත්, තේ වතු ආශ්‍රිතව දඩයම්කරුවන් විසින් අටවනු ලබන මෙවැනි මදු ගලවා ඉවත් කිරිමට වතු අධිකාරිවරුන් සහ වතු කම්කරුවන් දැනුවත් කර ඇති බවද රණ්දෙණිගල වනජිවි පශු වෛද්‍ය රෝහලේ වෛද්‍ය අකලංක පිණිදෙණිය මහතා වැඩිදුරටත් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...