29 C
Colombo
Friday, May 17, 2024

කළුතර හතරදෙනෙකුට මරණ දඬුවම

- Advertisement -

තියුණු සහ මොට ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ විත්තිකරුවන් සිව්දෙනෙකු වරදකරුවන් කරමින් කළුතර මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා විසින් ඔවුන්ට මරණ දඬුවම නියම කළා.

1996 වසරේ ජනවාරි 02වන දින කළුතර මදිනකන්ද ප්‍රදේශයේදී තියුණු සහ මොට ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීම සහ තවත් අයෙකුට බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 07 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කළුතර මහාධිකරණය ඉදිරියේ අධිචෝදනා ගොනුකර තිබුණා.

නඩුවේ 1,2,3 සහ 5 වන විත්තිකරුවන්ට මෙහිදී මරණ දඬුවම නියම කළ අතර 6 සහ 7 විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කරන ලෙස මහාධිකරණ විනිසුරුවරයා නියම කර තිබෙනවා.

එම නඩුවේ සිව්වන විත්තිකරු මියගොස් ඇති බවට මහාධිකරණයේදී කරුණු අනාවරණ වු අතර දීර්ඝ නඩු විභාගයක් පැවති මෙම නඩුවේ සාක්කිකරුවන් 14 දෙනෙකුගෙන් සාක්කි කැඳවා තිබුණා.

ඒ අනුව සිදුකළ දීර්ඝ නඩු විභාගයකින් පසු එම නඩුවේ විත්තිකරුවන් සිව්දෙනෙකු වරදකරුවන් කරමින් කළුතර මහාධිකරණය විසින් ඔවුන්ට ඊයේ (11)මරණ දඬුවම නියම කළා.

උතුර පයාගල පදිංචි අජිත් සිරිමෙවන් ප්‍රනාන්දු නොහොත් ජේවීපී අජිත්, ජූඩ් ප්‍රිසිල්, අජිත් ප්‍රනාන්දු සහ සමන් කුමාර යන අයවලුන්ට මෙසේ මරණ දඩුවම් නියම කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ලංකාවට පරීක්ෂණ නැව් නොඑන්නේ ඇමරිකාවේ වුවමනාවට – ගම්මන්පිල

ශ්‍රී ලංකාවේ මීළඟ අමෙරිකානු තනාපතිනිය ලෙස නම් කර ඇති එළිසබෙත් හොස්ට් මහත්මියගේ පත්වීම පිළිනොගන්නා ලෙස උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මන්ත්‍රීවරයා පෙන්වා දී...

සචිත්‍රගේ කටහඬ පරීක්ෂණ වාර්තාව පමා වෙලා

මුදලට ක්‍රිකට් තරග පාවාදීමේ සිද්ධියක සැකකරු වශයෙන් නම්කර සිටින හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ට අදාළ පරීක්ෂණවලට අදාළ කටහඬ පරීක්ෂණ වාර්තාව මෙතෙක් ලැබී නොමැති...

යතුරුපැදියක් මතට ගසක් කඩා වැටී සැරයන්වරු දෙදෙනෙක් රෝහලේ

පොලිස් රථවාහන අංශයේ සැරයන්වරුන් දෙදෙනෙකු ගමන් කළ යතුරු පැදියක් මතට විශාල ප්‍රමාණයේ මාර ගසක් කඩා වැටීමෙන් එහි ගමන් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනා තුවාල ලබා...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...