26 C
Colombo
Saturday, May 18, 2024

කුසල් මෙන්ඩිස්ට විනය පියවර ?

- Advertisement -

කුසල් මෙන්ඩිස්ගේ විනය විරෝධී හැසිරීමක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව විනය පියවර ගැනීමට සූදානමක් පවතින බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.

කොළඹ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ පැවති ප්‍රමුඛපෙළ ක්‍රීඩා සමාජ එක්දින තරගාවලියේ දී එස්එස්සී සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජ අතර පැවති තරඟය අතරතුර ක්‍රීඩාගාරයේ දොරකට පහරදී හානිකර ඇති බවට කුසල් මෙන්ඩිස්ට චෝදනා එල්ල වී තිබෙනවා.

ජෙෆ්රි වැන්ඩසේගේ පන්දුවක් හමුවේ සඳුන් වීරක්කොඩි අතට උඩපන්දුවක් ලබාදී ලකුණු 00කට දැවී ගිය අවස්ථාවේ දී ඉන් කුපිත වීම නිසා ඔහු මෙසේ දොරකට පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය ලිඛිත පැමිණිල්ලක් සිදු කර ඇති අතර තරග තීරක වාර්තාව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යොමු කර ඇති බව සඳහන්.

ඒ අනුව, ඔහුට ජාත්‍යන්තර තරගයක් හෝ දේශීය තරග කිහිපයක තහනමක් පැනවෙනු ඇති බවට වැඩිදුරටත් වාර්තා වෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විනය කමිටුව හමුවට අදාළ ගැටලුව ඉදිරිපත් කෙරෙන අතර එම කමිටුව මේ සම්බන්ධයෙන් ඉදිරියේදී නිසි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර...

ඇල්ල – වැල්ලවාය මාර්ගය අදත් වැසේ

ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (18) රාත්‍රී 8 සිට හෙට (19) උදෑසන 6 දක්වා ගමනාගමනය සඳහා වසා තැබීමට යළිත් තීරණය කර තිබෙනවා. අයහපත් කාලගුණික...

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් කිහිපයක පුද්ගලයින් පීඩාවට පත්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එම මධ්‍යස්ථානය සඳහන් කළේ, අධික වර්ෂාව, තද සුළං සහ...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...