25 C
Colombo
Saturday, March 22, 2025

ඇපල් ෆෝන් අලෙවියේ විශාල පසුබෑමක්

- Advertisement -

අමෙරිකාවේ සුප්‍රකට Apple සමාගම වසරකට වැඩි කාලයක් තුළදී සිදුවූ විශාලතම අලෙවි පහත වැටීම වාර්තා කර තිබෙනවා.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, මෙම වසරේ පළමු මාස 03 තුළ එහි අලෙවිය සියයට 4කින් එනම් අමෙරිකානු ඩොලර් බිලියන 91ක් දක්වා පහත වැටී ඇති බවයි.

අයිෆෝන් අලෙවිය සියයට 10කින් පහත වැටී ඇති අතර එය සමාගමේ සමස්ත අලෙවිය පහත වැටීමට බලපා තිබෙනවා.

අයිෆෝන් අලෙවිය මෙලෙස පහත වැටී ඇත්තේ මෙම වසරේ පළමු මාස 03 තුළ ගෝලීය ස්මාර්ට්ෆෝන් අලෙවිය ඉහළ ගොස් ඇති පසුබිමක වීම විශේෂත්වයක්.

කෙසේ වුවද, නව නිෂ්පාදන සහ කෘතිම බුද්ධි ක්ෂේත්‍රයේ ආයෝජන ඉහළ දැමීමෙන් විකුණුම් ඉහළ යනු ඇතැයි යන්න ඇපල් සමාගමේ අපේක්ෂාව වී තිබෙනවා.

Microsoft, Google හි මව් සමාගම වන Alphabet සහ Meta Platforms  වැනි ප්‍රධාන තාක්‍ෂණ සමාගම්ව AI තාක්ෂණය  ඔවුන්ගේ යෙදවුම් සඳහා එක් කිරීම සම්බන්ධයෙන් නිරන්තරයෙන් සාකච්ඡා පවත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේවෙතත්, Apple ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් AI තාක්‍ෂණය සඳහා වූ ඔහුගේ සැලසුම් පිළිබඳව බොහෝ දුරට හෙළි කර නැහැ.

තාක්ෂණික විශේෂඥයින් පවසන්නේ AI විශේෂාංග iPhone වලට එක් කිරීම තුළින් Huawei සහ Samsung වැනි ප්‍රතිවාදී සමාගම් සමඟ තරඟ කිරීමේදී Apple වෙත වාසි සහගත වනු ඇති බවයි.

Galaxy S24 ස්මාර්ට්ෆෝන් වල ඇති AI විශේෂාංග සඳහා ඇති දැඩි ඉල්ලුම හේතුවෙන් Samsung මේ වන විට ස්මාර්ට් ෆෝන් විකුණුම් අතරින් ලෝකයෙන්ම ඉදිරියට පැමිණ සිටිනවා.

RECENT ARTICLES - SINHALA

ගණේමුල්ල සංජීව ඝාතනයට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට සහාය වූ බවට සැකපිට ඊයේ (21) තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ,  කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්...

දෙවුන්දර වෙඩිතැබීමකින් දෙදෙනෙකු මරුට

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ සිදුකළ වෙඩිතැබීමකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (21) රාත්‍රී 11.45ට පමණ මෙම වෙඩි තැබීම සිදු...

අද සවස තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වල සහ අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (22) ප.ව. 2න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය...

POPULAR ARTICLES