28 C
Colombo
Monday, June 24, 2024
spot_img

නිවාස වල උරුමකරුවන්ටත් ඔප්පු

- Advertisement -

අඩු ආදායම්ලාභී පවුල් 50,000කට හිමිකම් ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙල යටතේ නිවාස වල පූර්ණ අයිතිය පැවරීමේ දී මුල් ප්‍රතිලාභියා මරණයට පත්ව ඇත්නම් දැනට නිවසේ පදිංචි ඔහුගේ උරුමකරුවන්ට හිමිකම් ඔප්පු ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතා විසින් ඉදිරිපත් කරනු ලැබූ කැබිනට් පත්‍රිකාවට අනුව කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන තිබෙනවා.

හිමිකම් ඔප්පු ලබා දීමේ දී වැය වන නොතාරිස් ගාස්තු, මුද්දර හා වෙනත් බදු වලින් නිවාස හිමියන් නිදහස් කිරීමට ද කැබිනට් අනුමැතිය හිමි වන අතර අදාළ නොතාරිස් ගාස්තු, මුද්දර හා වෙනත් බදු මුදල් මහා භාණ්ඩාගාරය විසින් දැරීමට නියමිතයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 අයවැය යෝජනා මගින් නාගරික නිවාස හිමිකම යටතේ අඩු ආදායම්ලාභී නිවාස හිමියන් 50,000කට නිවාස හිමිකම් ඔප්පු ලබා දීමට යෝජනා කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

කන්න බැරි හාල් කිලෝ තිස්දාහක් බෙදන්න ගිහින්

අඩු ආදායම්ලාභි පවුල් වලට බෙදාහැරිම සදහා රැගෙන විත් තිබු සහල් කිලෝ තිස්දහසකට ආසන්න ප්‍රමාණය මිනිස් පරිභෝජනයට සුදුසු මට්ටමක නොතිබිම නිසා ආපසු හරවා යැවිමට කරුවලගස්වැව...

ගාසා ළමා අරමුදලට කාත්තන්කුඩියෙන් රුපියල් කෝටියක්

ගාසා තීරයේ ගැටුම් පිළිබඳ ශ්‍රි ලංකාවේ ස්ථාවරත්වය කිසි විටෙකත් වෙනස් නොවන බවත්, වසර 05ක් තුළ පලස්තීන රාජ්‍ය පිහිටුවිය යුතුය යන්න ශ්‍රී ලංකාවේ ස්ථාවරය වන...

සත්ත්ව නිෂ්පාදන ආනයනය ගැන ගත් තීරණය

කුරුළු උණ රෝගය වාර්තා වී ඇති කිසිදු රටකින් සතුන් හෝ සත්ත්ව නිෂ්පාදන මෙරටට ආනයනය කිරීමට අවසර ලබා නොදෙන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව...

POPULAR ARTICLES

හෙට පාසල් පැවැත්වීම ගැන විශේෂ නිවේදනයක්

පාසල් කටයුතු හෙට (24) දිනයේ සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. සිය සේවාව සඳහා සේවා ව්‍යවස්ථාවක් සැකසීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්...

සියලුම රථවාහන හිමියන්ට විශේෂ දැනුම්දීමක්

පොහොය දිනයන්වල මාර්ග තදබදයක් ඇතිවන ලෙස මාර්ග අවහිරවන සේ වාහන නවතා තබන රියැදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...

නිරුවතින් පිහිනන්න ඕස්ට්‍රේලියානුවන් 3000ක් ඇවිත්

ශීත සෘතුව සනිටුහන් කිරීමට ඕස්ට්‍රේලියාවේ හෝබාර්ට් හි ඩර්වෙන්ට් නදියේ නිරුවත් පිහිනුම් ක්‍රීඩා ඉසව්වක් සංවිධානය කර තිබෙනවා. Dark Mofo නමින් හඳුන්වන මෙම ක්‍රීඩා උත්සවයට ක්‍රීඩකයින් 3,000ක්...