29 C
Colombo
Saturday, July 27, 2024

ආරක්ෂක ලේකම් සහ යුද හමුදාපති මගෙන් සමාව ඉල්ලුවා-චන්දිම වීරක්කොඩි

- Advertisement -

ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න සහ යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් විකුම් ලියනගේ පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාව හමුවේ තමාගෙන් සමාව ඉල්ලූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසනවා.

ඒ, පසුගිය වසරේ ඔක්තොම්බර් මාසයේදී ඔවුන් දෙදෙනා මන්ත්‍රීවරයා සමග ඇතිකරගත් වචන හුවමාරුවක් පිළිබඳ ලැබුණු පැමිණිල්ලක් විමර්ශනයෙන් අනතුරුවයි.

ජාතික ආරක්ෂාව පිළිබඳ අංශික අධීක්ෂණ කාරක සභාවේදී සන්නද්ධ හමුදාවල කාර්ය මණ්ඩලය ලක්ෂයක් දක්වා අඩු කිරීමේ යෝජනාවක් සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා ඊට විකල්පයක් ලෙස සන්නද්ධ හමුදාවන්හී ඉහළ නිලධාරීන්ට ලබාදී ඇති පහසුකම් අඩු කිරීම යෝග්‍ය බවට යෝජනාවක් කර තිබුණා.

එහිදී අරක්ෂක ලේකම්වරයා සහ යුද හමුදාපතිවරයා මන්ත්‍රීවරයා බිය ගන්වමින් සහ තර්ජනය කළ බවට චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා විමර්ශනයේදී පවසා තිබෙනවා.

අදාළ සාකච්ඡාව ආරම්භයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා ඉතා සාමකාමීව අදහස් දක්වා ඇතත් ආරක්ෂක ලේකම්වරයා ඇතුලු පිරිසගෙන් ලද ප්‍රතිචාර මත පසුව කාරක සභා රැස්වීම උණුසුම්වු බව විමර්ශන වාර්තාවෙන් අනාවරණය වි තිබුණා.

විමර්ශනය අවසානයේ පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාව විසින් ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්නට සහ යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් විකුම් ලියනගේට චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයාගෙන් සමාව අයදින ලෙස නිර්දේශ කර තිබෙනවා.

එමෙන්ම කාරක සභාවන්ට සහභාගීවන නිලධාරීන් පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පිළිබඳ පනත සම්බන්ධයෙන්ද දැනුවත් විය යුතු බවටද පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාව මෙහිදී නිර්දේශ කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...