25.2 C
Colombo
Tuesday, March 5, 2024

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ප්‍රමාදයක්

- Advertisement -

මග්ගොන ප්‍රදේශයේ දී දුම්රියක ගැටී පුද්ගලයකු පීලි අතර සිරවීමෙන් මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය තරමක ප්‍රමාදයක් පවතින බව කළුතර දුම්රිය බළධාරීයෙක් පැවසුවා.

මේ හේතුවෙන් රුහුණු කුමාරී සහ ගාලු කුමාරී සීඝ්‍රගාමී දුම්රියන් විනාඩි 35 සහ 30 බැගින් ප්‍රමාදවී ධාවනයවූ බව සදහන් වනවා.

දුම්රිය ආරංචි මාර්ග සදහන් කර ඇත්තේ, මෙලෙස මියගොස් තිබුණේ, ගාල්ල සිට ගල්කිස්ස බලා ධාවනයවූ 8319 දරණ මන්දගාමී දුම්රියේ ගැටී ඇති පුද්ගලයෙක් බවයි.

මියගොස් ඇති පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නොමැති බවත්, මෘතදේහය පයාගල දුම්රිය ස්ථානයට භාරදී ඇති බවත් සඳහන් වනවා.

සිද්ධිය සම්බන්ධයෙන්, පයාගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

Breaking: ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද(04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක...

ගූගල් මැප් එක බලාගෙන අරලියගහ මන්දිරයට පැනලා

ගුගල් සිතියම උපයෝගී කරගෙන අරලියගහ මන්දිරයට තාප්පයෙන් පැන අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය පවසනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෘදුකාංග ඉංජිනේරුවරයෙකු...

ඊළඟ අවුරුද්දෙත් තියෙන්නේ මේ ආණ්ඩුවම තමයි – රනිල්

ලබන වසරේත් රටේ පවතින්නේ වත්මන් ආණ්ඩුවම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ, ගම්පහ දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු පිළිබද අද (04) ජනාධිපති...

POPULAR ARTICLES

මාර්තු ඉන්ධන මිල ගණන් මෙන්න

මාර්තු මාසය තුළ පවතින ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙනවා. මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ (29) මධ්‍යම රාත්‍රීයේ...

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

2024 වර්ෂය තුළ පැවැත්වීමට නියමිත පාසල් විභාග හා ඒවා පැවැත්වෙන දිනයන් විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව 2023 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිතව තිබූ...

අද ඩොලරය

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (01) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට...