26 C
Colombo
Sunday, December 3, 2023

එන්නත්කරණයෙන් ඩෙල්ටා පාලනය කරන්න බෑ – විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

- Advertisement -

ඉතාමත් වේගවත්ව ව්‍යාප්තවෙන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය එන්ත්කරණයෙන් පමණක් පාලනය කළ නොහැකි බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.

එන්ත්කරණයට පමණක් සීමා නොවී ඊට සමගාමීව වඩා ඉක්මන් විසඳුම්වලටද යා යුතුව ඇති බවයි එම සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙන්නේ.

එන්නත්කරණය හරහා ප්‍රතිශක්තිය ඇතිවීමට අවම වශයෙන් සති හයක පමණ කාලයක් ගතවන බැවින්, රටපුරා සීග්‍රයෙන් එන්නත්කරණය සිදු කළද, අනෙක් ක්ෂණික පියවරයන් ගෙන වෛරස ව්‍යාප්තිය පාලනය නොකළහොත් එන්නත්කරණයෙන් ගතහැකි උපරිම වාසියද අත්කර ගැනීමට නොහැකි වනු ඇති බවත් එම සංගමය අවධාරණය කර සිටිනවා.

වත්මන් තත්වය සැලකිල්ලට ගැනීමේදී ඉදිරියේදී ඉතා ඉහළ අගයකින් ආසාදිතයන් වාර්තා වීම සිදුවනු ඇති බව පෙනෙන්නට ඇති බවත් අවශ්‍ය මොහොතේ නිවැරදි තීන්දු තීරණ ගැනීමට අසමත් වුවහොත් ඉදිරියේදී වඩාත් බරපතල තත්වයක් ඇති වන බවත් විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා පවසනවා.

RECENT ARTICLES - SINHALA

පිලිපීනයේ භූ කම්පනයෙන් සුනාමි අවදානමක්

පිලිපීනයේ මින්දනාඕ ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක් හට ගෙන තිබෙනවා. පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසන්නේ දකුණු පිලිපීනයට මෙන්ම ඉන්දුනීසියාව, පලාව් සහ මැලේසියාවේ...

වැඩි කළ විශ්‍රාම වැටුප ලැබෙන දිනය ගැන දැනුම් දීමක්

විශ්‍රාමික ජනතාවගේ සුබසාධනය සහ වැටුප් විෂමතා විසඳීම කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමුවී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. දැරණියගල නගරයේ පැවති උත්සවයකට...

ගාසා තීරය ගැන ඇමෙරිකාවෙන් ප්‍රකාශයක්

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර යළි සටන් විරාමයක් ප්‍රකාශයට පත්කිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන බව, අමෙරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් මහතා පවසනවා. ඔහු ප්‍රකාශ කර...

POPULAR ARTICLES

සජබ මන්ත්‍රීවරයෙක් පක්ෂයෙන් දොට්ට

දිගින් දිගටම ආණ්ඩුවට පක්ෂව කටයුතු කිරීම හේතුවෙන් සමඟි ජන බලවේගයේ පස්සර සංවිධායක ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේශ්ව වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට සමගි...

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන දිනය මෙන්න

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල දින දෙක තුනක් ඇතුළත නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, කොළඹ පැවති උත්සවයකින්...

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන  https://www.doenets.lk  සහ www.results.exams.gov.lk වෙත පිවිස ප්‍රතිඵල ලබා...