31 C
Colombo
Saturday, June 10, 2023

කොළඹ ආසාදිතයින්ගෙන් 75%කට ඩෙල්ටා

- Advertisement -

කොළඹ නගර සීමාවෙන් හඳුනාගත් ආසාදිතයින්ගෙන් 75% කට වඩා ආසාදනය වී ඇත්තේ කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජීව විද්‍යායතනයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.

තම ටිව්ටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ ජූලි මාසයේ පළමු සතිය තුළ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් ගණන 19.3% ක් ලෙස වාර්තා වූවත් මේ වනවිට එය 75% දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මේ අතර කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයින් 14 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා.

ආසාදිත පුද්ගලයන් අතර ප්‍රාදේශීය ලේකම්වරියද සිටින අතර ඔවුන් සියලුදෙනා වෛද්‍ය අධීක්ෂණය යටතේ මේ වනවිට නිරෝධායනයට යොමුකර තිබෙනවා.

මේ අතර ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ කටයුතු අත්‍යවශ්‍ය හදිසි ප්‍රතිකාර සේවා සඳහා පමණක් සීමා කර තිබෙනවා.

රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය සමන්තා රාමචන්ද්‍ර සඳහන් කළේ රෝහල් කාර්ය මණ්ඩලයේ 14 දෙනෙකු ආසාදිතයන් බවට හඳුනාගැනීම නිසා මෙම තත්වය උද්ගතවී ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

සිකුරාදා සහ ඉරිදා දිනවල යාපනයේ උපකාර පන්ති පැවැත්වීම තහනම්

ජුලි 01 වනදා සිට සිකුරාදා හා ඉරිදා දිනවල යාපනය දිස්ත්‍රික්කය තුළ පෞද්ගලික පන්ති නොපවැත්වීමට තීරණය කර තිබෙනවා. යාපනය දිස්ත්‍රික්...

උතුරේ ඉඩම් දෙන්න වෙනම කාර්යාලයක්

උතුරු නැගෙනහිර අධි ආරක්ෂිත කලාප වල ඇති පාරම්පරික ඉඩම් යළි ජනතාවට ලබාදීමේ කටයුතු විධිමත් කිරීම සඳහා ස්ථිර කාර්යාලයක් පිහිටුවා තිබෙනවා.

බස් රථ අනතුරකින් 16 හැවිරිදි සිසුවෙකු මරුට

ලංගම බස් රථයක් අනතුරට ලක්වීමෙන් 16 හැවිරිදි පාසල් සිසුවෙකු මියගොස් තිබෙනවා. බදුරලිය පොලීසිය කියා සිටියේ අනතුරෙන් තවත් 10 දෙනෙක්...

RECENT ARTICLES - ENGLISH

Two planes ‘likely collided’ at the airport in Tokyo

0
Two airplanes have “highly likely collided” with each other at the Haneda Airport in Tokyo, Japanese public broadcaster NHK is reporting, citing...

Sri Lankan passenger fined $5,500 for trying to bring plant cuttings into Australia

0
A Sri Lankan traveler to Australia who attempted to hide plant cuttings in the luggage, which also included bananas and flour, was...

China’s multilateral development banks expand efforts to globalize Renminbi

0
China's drive to promote the use of its national currency, the Renminbi (RMB), continues to gain momentum with Multilateral development banks (MDBs)...