27.9 C
Colombo
Wednesday, May 14, 2025

සියලු චෝදනා ප්‍රතික්ෂේප කරනවා – රවි සෙනෙවිරත්න

- Advertisement -

මහරගම තරුණ සේවා සභාවේ පැවති විශ්‍රාමික පොලිස් සාමූහික රැස්වීම පිළිබඳව සමගි ජන බලවේගය ඇතුළු බොහෝ දෙනා කලබල වී එල්ල කරන චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බව එම සාමූහිකයේ සභාපති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතා පවසනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාට ලැබිය යුතු උසස්වීමද මේ වන විට නතර කර ඇති බවත්, ඒ මහතා එය ඔහුට කරන අවසන් පලිගැනීම ලෙස සිතිය හැකි බවත් සඳහන් වනවා.

ශානි අබේසේකර මහතා අනිතික ලෙස අත්අඩංගුවට ගෙන මාස 11ක් සිරගත කොට සිටි බවත්, එම නිසාම ඔහුගේ උසස් වීම්නුදුන් අතර නිදහස් වීමෙන් පසුව ඔහු මේ වන විට මූලික අයිතිවාසිකම් පෙත්සමක් අධිකරණය වෙත යොමුකර ඇති බවද සඳහන් කළා.

ඒ අතරතුර තමාට අහිමි වූ උසස්වීම් ලබා දෙන ලෙස අබේසේකර මහතා බලධාරීන්ගෙන් ඉල්ලා සිටි අතර, එහිදී ඔහුට පොලිස්පතිවරයා කියා ඇත්තේ මේ වනවිට ගොනුකර ඇති අයිතිවාසිකම් පෙත්සම ඉවත් කර ගතහොත් උසස් වීම් ලබාදිය හැකි බවයි.

එහෙත් සෙනවිරත්න මහතා සඳහන් කළේ, අබේසේකර මහතා ඊට එකඟ නොවීම නිසා පසුගියදා පොලිස් කොමිසම ඒ මහතාට ලිපියක් එවමින් කියා ඇත්තේ උසස්වීම් දිය නොහැකි බවයි.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සහරාන් පිළිබඳව විමර්ශනය කළ කණ්ඩායමකට ආපසු හැරී එන ලෙස අබේසේකර මහතා නියෝග කළ බව සඳහන් ප්‍රකාශයද අමූලික බොරුවක් යැයි ඔහු කියා සිටියා.

බත්තරමුල්ල – පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාලයේදී මෙම මධ්‍ය හමුව පැවැති අතර එහිදී විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපාලි පියනන්ද මහතාද අදහස් දැක්වීමක් සිදු කළා.

RECENT ARTICLES - SINHALA

කෙහෙළියගේ නඩුව විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්

මතභේදාත්මක හියුමන් ඉමියුනිග්ලොබියුලින් ප්‍රතිශක්තිකරණ ඖෂධ ​​මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි නඩුවට අදාළව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර තිබෙනවා. නීතිපතිවරයා අගවිනිසුරුවරියගෙන් කළ ඉල්ලීමක් සලකා...

කුඩු බෙදපු අය ගැන පොලීසියට කිව්වේ නැත්තේ ඇයි? චතුරංගට චෝදනාවක්

පැවති පළාත් පාලන මැතිවරණයට පෙර විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් ආධාරකරුවන්ට  මත්ද්‍රව්‍ය බෙදා හැරි බවට නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා මෑතකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී...

වෙන්නප්පුව මුහුදේ දිය නෑමට ගිය පුද්ගලයෙක් මරුට: තිදෙනෙක් අතුරුදන්

වෙන්නප්පුව මුහුදු දියනෑමට ගිය පිරිසක් අතුරින් අයෙකු දියේ ගිලී මිය ගොස් ඇති අතර තිදෙනෙකු අතුරුදන්ව තිබෙනවා. මෙලෙස අතුරුදන් වී ඇත්තේ, නුවරඑළිය බගවන්තලාව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි...

POPULAR ARTICLES

කෙහෙළියගේ නඩුව විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්

මතභේදාත්මක හියුමන් ඉමියුනිග්ලොබියුලින් ප්‍රතිශක්තිකරණ ඖෂධ ​​මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි නඩුවට අදාළව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර තිබෙනවා. නීතිපතිවරයා අගවිනිසුරුවරියගෙන් කළ ඉල්ලීමක් සලකා...

ට්‍රම්ප්, සෞදිය සමඟ ඩොලර් බිලියන 142ක අවි ගනුදෙනුවකට අත්සන් තබයි

ඇමරිකා එක්සත් ජනපදය සහ සෞදි අරාබිය අතර ඇමරිකානු ඩොලර් බිලියන 142 කට ආසන්න වටිනාකමකින් යුතු ආරක්ෂක ගිවිසුමක් අත්සන් කර  තිබෙනවා. ධවල මන්දිරය මෙය හඳුන්වා ඇත්තේ,...