ඊයේ (26) දිනයේ මට්ටක්කුළිය ප්‍රදේශයේදී බීමත් රියදුරෙකු විසින් ධාවනය කරන ලද වෑන් රථයක් පොලිස් අත්අඩංගුවට පත්වුණා.
එහි රියදුරු, තවත් පුද්ගලයෙක් සහ වෑන් රථය අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන යන වීඩියෝවක් සමාජමාධ්‍ය පුරා සංසරණය වුණා.
එම වෑන් රථයේ දෙරණ ආයතනයේ ප්‍රචාරක ස්ටිකර් අලවා තිබූ අතර වෑන් රථය ඉදිරිපසද දෙරණ ආයතනයේ පුවරුවක් ප්‍රදර්ශනය කර තිබුණා.
මේ පිළිබදව පැහැදිළි කිරීමක් සිදුකරමින් අද දෙරණ වෙබ් අඩවියෙහි සදහන් කර ඇත්තේ එම වෑන් රථය තාවකාලිකව කුලී පදනම මත ලබාගත් වාහනයක් බවයි.
එමෙන්ම අදාල සිදුවීම වන අවස්ථාවේදී එම වෑන් රථය දෙරණ ආයතනයට සම්බන්ද රාජකාරී කටයුත්තක හෝ මාධ්‍ය ආවරණ කටයුත්තක නිරතව නොසිටි බවද එහි සදහන් කර තිබෙනවා.
තවද එහි රියදුරා හෝ වෑන් රථයේ සිටි අනෙක් පුද්ගලයා දෙරණ ආයතනයට කිසිදු සම්බන්දයක් නොමැති බවයි එම ආයතනය නිවේදනය කරන්නේ.
බීලා වෑන් එකේ ගිය අය අපේ අය නෙවෙයි – දෙරණ

- Advertisement -
RECENT ARTICLES - SINHALA
DNA වාර්තා සාරා ජස්මින් මියගිය බව තහවුරු කරයි
පාස්කු දින ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටියදී 2019 වසරේ අප්‍රේල් මස 26 වැනිදා සයින්දමරුදු ප්‍රදේශයේ නිවසකදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැරීමෙන්...
ජාතික රූපවාහිනියත් විකුණන්න යයි
ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් අසංග ජයලත් විසින් සේවකයන් වෙත ස්වේච්ඡාවෙන් සේවයෙන් ඉවත් වන්නේ නම් ඒ සඳහා අදාළ අයදුම්පත් ඉදිරිපත් කරන...
මුදල් අමාත්‍යාංශ ලේකම්ට එරෙහි පෙත්සම් දෙකක් හෙට කැඳවයි.
මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට එරෙහිව ගොනු කළ පෙත්සම් දෙකක් හෙට (30) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ...
RECENT ARTICLES - ENGLISH
Breaking: Fuel prices reduced
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today.
Litre of...
Sangeeth Nipun Sanath Nandasiri passed away
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.
MR predicts LG Election date
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year.
Speaking to...