ජාතික ජල සම්පාදන මණ්ඩලය විසින් දැරණියගල – කඹුරුගොමුව ප්‍රදේශයේ ක්‍රියාත්මක කරන ජල ව්‍යාපෘතියකට අයත් ජල මනු 477 සහ තවත් උපකරණ කිහිපයක් සොරකම් කිරීමකට අදාලව දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාල භාණ්ඩ සොරකම් කිරීමේ සිදුවීම පිළිබදව පසුගිය මාර්තු 30 වනදා දැරණිගල පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබූ අතර ඒ අනුව සිදුකරන ලද විමර්ශනයන්හීදී සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට එම ගබඩාව භාර ලිපිකරුවෙක් සහ රියදුරෙක් සහ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරනු ලැබුවා.
අනතුරුව ඊයේ (16) දිනයේ දී සොරකම් කරන බවට සැක කෙරෙන ජල මනු අනු හතක් (97)දැරනියගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සතුව තිබී සොයාගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරන්නේ අදාළ සභාපතිවරයා අද (17) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.