දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස පත්කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමි නොවූ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
සිය X ගිණුමේ සටහනක් තබමින් සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීම සඳහා පැවති ඡන්ද විමසීමේදී පක්ෂව ඡන්ද 4ක් සහ විපක්ෂව ඡන්ද 2ක් හිමිවු බවයි.
එහිදී සාමාජිකයින් දෙදෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමේ වැළකී සිටිය බවත් එහි ඡන්ද විමසීමකදී ප්‍රතිඵලය සම වන අවස්ථාවකදී පමණක් කථානායකවරයාට සිය ඡන්දය භාවිත කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පවසනවා.
ව්‍යවස්ථාදායක සභාවේ ඡන්දයක් හරහා තීරණයක් ගැනීමට අඩුම වශයෙන් ඡන්ද 5ක් අවශ්‍ය බව පවසන ප්‍රේමදාස මහතා ඒ අනුව දෙවන වරටත් ව්‍යවස්ථාව උල්ලංඝනය වී ඇති බව සිය X පණිවුඩය මඟින් පෙන්වාදෙනවා.
මේ අතර ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ඇ.(1) හා 61 ඉ.(ආ) වන ව්‍යවස්ථාවන්හි විධිවිධාන ප්‍රකාරව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවරී ඇති බලතල අනුව මෙම පත්කිරීම සිදු කර ඇති බවයි.
ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් ඊයේ (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත පිළිගන්වා තිබුණා.