30 C
Colombo
Sunday, September 15, 2024

රඳවාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා හට දින 400 කට පසු ඥාතීන් ඇමතීමට අවස්ථාවක්

- Advertisement -

රැදවුම් නියෝගමත රඳවා සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා හට සිය පවුලේ සාමාජිකයන් සමඟ කතාබහ කිරීමට අද (27) බන්ධනාගාර දෙපාර්තමේන්තුව අවසර ලබාදී තිබෙනවා.

ඒ අනුව වීඩියෝ ඇමතුමක් මාර්ගයෙන් වැලිකඩ බන්ධනාගාරයේ සිට ඔහු සිය පවුලේ ඥාතීන් ඇමතූ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

පවත්නා කොවිඩ් තත්ත්වය හේතුවෙන් බන්ධනාගාරගත රැදවියන් බැලීම සඳහා ඥාතීන් හට අවස්ථාව නොලැබෙන බැවින් ඔවුන්ට වීඩියෝ ඇමතුම් මාර්ගයෙන් ඥාතීන් සමගින් කතාබහ කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව මේ වන විට පහසුකම් සළසා තිබෙනවා.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහරය සම්බන්ධයෙන් එල්ලවන චෝදනාවන් හේතුවෙන් නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා මේ වන විට රැදවුම් නියෝගමත දින 400 කටත් අධික කාලයක් රඳවාගෙන සිටිනවා.

RECENT ARTICLES - SINHALA

සජිත්ගේ ආරක්ෂක රථයක ගැටී දෙදෙනෙක් රෝහලට

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආරක්ෂක අංශයට යොදවා තිබු ආරක්ෂක අංශ රථයක යතුරු පැදියක් ගැටිමෙන් දෙදෙනෙකු තුවාල ලබා අම්පාර මහා රෝහලට ඇතුලත් කර තිබෙනවා....

මෙරටට එන අමෙරිකානුවන්ට විශේෂ පණිවිඩයක්

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිත බැවින් ශ්‍රී ලංකාවට යන්නේ නම් කල්පනාකාරීව කටයුතු කරන ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එරට වැසියන්ගෙන් ඉල්ලා තිබෙනවා....

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...

POPULAR ARTICLES

උසස් පෙළ පැවැත්වෙන දිනය මෙන්න

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. ඒ අනුව, අදාළ විභාගය දෙසැම්බර් 20 දක්වා...

මහින්ද රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් (වීඩියෝ)

0
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් මේ වන විටත් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා. ජනාධිපති...

බදුල්ලේ බිහිසුණු අනතුරක්

බදුල්ල නගර මධ්‍යයේ ඇති මුතියංගණ රජමහා විහාරය ඉදිරිපිට දී අද පෙරවරුවේ බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. වේගයෙන් ධාවනය කල මෝටර් රථයක් ඉදිරියෙන් අපරීක්ෂාකාරීව හැරවූ යතුරු පැදියකද...