24 C
Colombo
Sunday, October 1, 2023

ශිෂ්ටාචාරය වෙනස් කරන හැටි ධම්මික පෙරේරා අනුරාධපුරයේදී කියයි | DP Education IT Campus 61 වැනි මධ්‍යස්ථානය විවෘත කරයි

- Advertisement -

ලෝකයේ කිසිදු රටක් අධ්‍යාපනයෙන් තොරව දියුණුවක් අත්පත් කරගෙන නොමැති අතර ඉදිරි පරපුර වෙත අධ්‍යාපනය ලබා දීම තුළින් අපේ රටද දියුණු කළ හැකි බව  ඩී.පී.එඩියුකේෂන්හි සභාපති හා නිර්මාතෘ, ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසනවා.

අනුරාධපුර, වීරසේකරාරාම ශ්‍රී භාරතීන්ද්‍ර මහා පිරිවෙන් විද්‍යායතනයේ පසුගිය  17 වනදා පැවැති ඩී.පී.එඩියුකේශන් ව්‍යාපෘතියේ 61 වන මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් ධම්මික පෙරේරා මහතා මේ බව සඳහන් කළා.

එහිදී, නවීන පරිගණක 40 කින් සමන්විත එම මධ්‍යස්ථානය නිල වශයෙන් විවෘත කර සිසු ගත කිරීමේ අවස්ථාව සහ පාඨමාලා 100 සම්පුර්ණ කල සිසුන් සඳහා සහතික පත් ලබාදීමත් සිදු කෙරුණේ ධම්මික පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන්.

 “ඩී.පී.එඩියුකේෂන් ” ව්‍යාපෘතියේ අරමුණ වන්නේ  සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි දරු දැරියන් ඇතුළු ශ්‍රී ලාංකිකයින්ගේ ඩිජිටල් සාක්ෂරතාවය වර්ධනය කරමින්  අනාගතයේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා විවර කර දීමයි.

RECENT ARTICLES - SINHALA

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

වඳවී යන අලි පරපුර

තවත් වසර පහළොවක් පමණ ගත වන විට මෙරටින් අලි තුරන් වී යෑමේ අවදානමක් පවතින බව පරිසරවේදී නයනක රන්වැල්ල මහතා පවසනවා. ස්වභාවික නොවන හේතුන් මත වාර්ෂිකව...

ඉන්ධන මිල යළි ඉහළට ?

ඔක්තෝම්බර් මාසයේදී යළිත් වරක් ඉන්ධන මිල ඉහළ යනු ඇති බව ඩේලි FT වෙබ් අඩවිය වාර්තා කරනවා. මේ අතර පසුගිය මාස 02ක තුළ ද අඛණ්ඩව ඉන්ධන...

POPULAR ARTICLES

ඉන්දියාව තුළ ආන්දෝලනයක් වූ විවාහය

උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ සමලිංගික යුවලකගේ විවාහ මංගලය්‍යක් හේතුවෙන් ඉන්දියාව තුළ විශාල ආන්දෝලනයක් හට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ, සමලිංගික විවාහ නීතිගත කිරීම පිළිබඳ ඉන්දීය ශේෂ්ඨාධිකරණය...

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝගයක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අද(27) නියෝග කර තිබෙනවා ඒ අදාළ බඳවා ගැනිම්වලට...

චීනය නිසා එකතු වූ මහින්ද,මෛත්‍රී,ගෝඨා

මහජන චීන සමූහාණ්ඩුවේ 74 වන ජාතික දින උත්සවය ඊයේ (28) කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු...